දේශීය පුවත්

ජනාධිපතිවරයාගේ තින්දුව අගමැතිවරයා වෙනස් කරනවා. අගමැතිවරයාගේ තින්දුව ජනාධිපතිවරයා වෙනස් කරනවා . මේ විදියට මුළු රටම තුල තියෙන්නේ අස්ථාවර තත්ත්වයක් යැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවසිය.

ඊයේ (25) කොග්ගලදි පැවති විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,

අවාසනාවකට රට තුල හා ආණ්ඩුව තුල තිබෙන අස්ථාවරත්වය නිසා පමණක් නොව තින්දු ගැනිමේ දි තින්දු නොගෙන එය අතින් අත පාස්වෙනවා. බෝලයක් පාස්කරනවා වගේ. කවුද තින්දු ගන්නේ කියලා දන්නේ නැහැ. මේ තත්වය තුල වෙනසක් ඇතිවිය යුතුව තියෙනවා.

ස්ථාවර ආණ්ඩුවක් තුල පමණයි ආයෝජකයාට වඩා ශක්තිමත් ආයෝජනයක් කරලා ඒ ආයෝජනයේ ප්‍රථිපල ලබන්න පුළුවන්කම තියෙන්නේ. මේ ආයතනය වසා දැමුවාට පසු මේ තරුණයින් දෙදෙනා ලංකාවෙන් ඉතියෝපියාවට ගිහින් ආයෝජනය කළා. එවැනි අවස්ථාවකදි මේ ආයතනය අරගෙන මේ රටේ ආයෝජනයක් ආරම්භ කිරිම අගය කරනවා.

රටතුල ව්‍යවසායකයින් වැඩිවෙලා ශක්තිමත් රටක් ඇතිකරන්න ළගදිම අවස්ථාවක් ලැබේවි කියලා මා බලාපොරොත්තු වෙනවා. ඒ තත්වය ඇති වෙන්න වැඩිකාලයක් යන එකක් නැහැ.රටේ ආර්ථිකය ශක්තිමත් වෙලා රැකියා බහුල වෙලා නොබෙදුණු රටක් ඒකිය රටක් තුල කටයුතු කරන්න ශක්තිය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More