මාකඳුරේ මදූෂ්ගේ ප‍්‍රධානතම වෙඩික්කරු ලෙස සැලකෙන පුද්ගලයෙකුගේ කඹුරුපිටියේ නිවසක් පරීක්ෂා කිරීමේ දී එහි තිබී යුද හමුදා නිල ඇඳුම් තොගයක් සහ ජීව උණ්ඩ තොගයක් සොයාගෙන තිබෙනවා.මෙම සැකකරු යුද හමුදාවේ හිටපු ලාන්ස් කෝප‍්‍රල්වරයෙකු බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
ඔහුගේ පියා ප‍්‍රශ්න කිරීම් සඳහා පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් කෝටි 700යේ මැණික් කොල්ලයට යොදාගත් බවට සැකකරන මාංචුවක්ද මෙහිදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකාර ලාන්ස් කෝප‍්‍රල්වරයා සපුගස්කන්ද යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කර ඇති අතර ඔහු අපරාධ රැසකට සම්බන්ධ බවටයි අනාවරණ වී ඇත්තේ. මෙම සැකකරු යුද හමුදාවෙන් පලාවිත් සැඟව සිටින බවද පොලිසිය සඳහන් කළා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...