Uncategorized

පෙබරවාරි 22 දිනට යෙදෙන ලෝක ස්වභාෂා දිනය නිමිති කොටගෙන ප්‍රංශයේ පැරිස් නුවර ශ්‍රී ලාංකිකයන් එක්ව සිංහල භාෂාව ඇගයීම සඳහා ඉතා උත්කර්ෂවත් උත්සවයක් සංවිධානය කළ බව වාර්තා වේ.

පෙබරවාරි 24 වන දින පැවැත්වූ මෙම උත්සවය සංවිධානය කොට ඇත්තේ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ප්‍රංශ ශාඛාව විසිනි.

lanka leeds වෙත අදහස් දැක්වූ එම සංවිධානයේ සභාපතිනි චම්පා සේනානායක මහත්මිය සඳහන් කළේ සිංහල දරුවන් තුළ සිංහල අනන්‍යතාව පිළිබඳ සහ රට පිළිබඳ අභිමානයක් සහ ආදරයක් ඇති කිරීම මුල් කරගෙන එම උත්සවය පවත්වන බවය. ඇය සඳහන් කළේ මෙවර පැවැත්වූයේ නමවැනි උත්සවය බවය.

සංවිධානයේ ලේකම් දයා ලියනාරච්චි මහතාද අප වෙත අදහස් දැක්වූ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කැලණිය විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේේ අංශාධිපති මහාචාර්ය පූජ්‍ය මල්වානේ චන්දරතන ස්වාමින් වහන්සේ සහ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ද ඊට සහභාගි වූ බව සඳහන් කළේය.

එම අවස්ථාවට ප්‍රංශයේේ වෙසෙන ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ නායක හිමිවරුන් තුන් නමක් ද ඊට සහ සහභාගි වී ඇත. සාහිත්‍යශූරී පූජ්‍ය කෝංගස්දෙනියේ ආනන්ද හිමි, ප්‍රංශයේ සංඝනායක මුරුංගාගස්යායේ ඤාණිස්සර සහ ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ පරවාහැර චන්දරතන හිමි. විවධ ප්‍රදේශ වලින් වැඩමකළ මහා සංඝ සංඝරත්නය විශාල පිරිසක් ඊට සහභාගී වූ බව වාර්තා වේ.

ඒ පිළිබඳව අදහස් දැක්වූ මහාචාර්ය පූජ්‍ය මල්වානේ චන්දරතන ස්වාමින් වහන්සේ සඳහන් කළේ සිංහල බස ගැන ප්‍රංශ ළමයින්ට සහ දෙමව්පියන්ට තිබෙන උනන්දුව දකින ශ්‍රී ලාංකිකයින් ලැජ්ජා විය යුතු බවය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිළ වශයෙන් වාර්ෂිකව එවැනි උත්සවයක් පැවැත්විය යුතු බවද උන්වහන්සේ සඳහන් කළේය

.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More