දේශීය පුවත්

අතුරුදහන් වූවන් විසින් විසඳුම් ඉල්ලා දියත් කරන ලද සත්‍යග්‍රහයන්ට වසර 2ක් පිරුණද මෙතෙක් විසඳුම් නොමැති වීම හේතුවෙන් අද (25) දිනය උතුරු පළාත පුරා හර්තාලයක් දියත් කිරීමට පියවර ගෙන ඇත.

මේ අනුව වව්නියාව , කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම් හා යාපනය යන දිස්ත්‍රීක්කයන්හි කලු කොඩි ඔසවමින් සියලු වෙළඳසැල් වසා දමා ඇති අතර ඇතැම් දිස්ත්‍රීක්කයන්හි දමිළ පාසල්ද අද දින වසා දමා ඇත.

එමෙන්ම උතුරු පළාතේ සිදු කෙරෙන බස් ධාවනයද සම්පූර්ණයෙන්ම නවතා ඇති අතර පළාතෙන් පිට ප්‍රදේශවලට පමණක් බස් ධාවනය වීම හේතුවෙන් උතුරු පළාතේ එදිනෙදා ගමනාගමන කටයුතු සිදු කල රජයේ සේවකයින් ඇතුළු බොහෝ පිරිසක් අපහසුතාවයන්ට පත්ව සිටියහ.

උතුරු පළාතේ අද දින රජයේ ආයතනයන්හීද රජයේ සේවකයින් බොහෝ පිරිසක් අඩුවීම හේතුවෙන් දෛනික කටයුතු අඩාල වී ඇති බවටද වාර්තා වෙයි.

යුද්ධය හේතුවෙන් අතුරුදහන් වූවන් විසින් මේ වනවිට වව්නියාව, කිලිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රීක්කයන්හි ආරම්භ කොට ඇති සත්‍යග්‍රහයට වසර දෙකක් ගත වුණද මෙතෙක් අතුරුදහන් වූවන් වෙනුවෙන් පිළිගත හැකි විසඳුමක් නොලැබීම හේතුවෙන් අද දිනයේදී උතුරු පළාතේ හර්තාලයක් දියත් කිරීමට පියවර ගත් බවටත් ඒ සඳහා උතුරේ වෙළඳ සංගම්,බස් සංගම් ඇතුළු විවිධ වෘත්තීය සමිති සහය ලබා දුන් බවට හර්තාලය සංවිධානය කරන ලද අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ගේ සංගමය වැඩිදුරටත් කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More