දේශීය පුවත්

කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කරන මැති ඇමතිවරුන් සම්බන්ධයෙන් තමන් කළ චෝදනාවට අදාළව තමන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගතහොත් තමන්ට පක්ෂයෙන් ඉවත්ව යාමට සිදුවිය හැකි බවට රංජන් රාමනායක අනතුරු හඟවයි.

ළඟදීම අයවැය යෝජනාව සම්මත කරගැනීමට තිබෙන නිසාත් ඊට තමන්ගේ ඡන්දයත් අවශ්‍ය නිසාත් තමන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් නොගැනෙනු ඇතැයි විශ්වාස කරන බවයි ඒ මහතා සඳහන් කළේ.

තමන් මෙම කොකේන් චෝදනාව එල්ල කළේ හුදු ප්‍රකාශයක් ලෙස නොව කරුණු අධ්‍යනය කිරීමෙන් අනතුරුව බව පැවසූ ඒ මහතා කොකේන් භාවිතා කරන මැති ඇමතිවරුන් සම්බන්ධයෙන් ඉඟි කිහිපයක් ද ලබා දුන්නේය.

ඒ අනුව දකුණු පළාත නියෝජනය කරන තරබාරු, ඇවිදීමටත් අපහසු අයෙක් සහ වතුකරයේ ජනතාවගේ වැටුප් ප්‍රශ්නයට මැදිහත්ව සිටින නායකයින් කිහිප දෙනෙක් කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කරන බව පැවසූ ඒ මහතා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන මුස්ලිම් ඇමතිවරයකුගේ කාර්ය මණ්ඩලය සඳහා විශාල කොකේන් තොගයක් රැගෙන ආ බවට චෝදනා එල්ල වී ඇති බවත් සමහර වයෝවෘද්ධ දේශපාලන නායකයින් වේදනා නාශකයක් ලෙස කොකේන් භාවිතා කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂ පුතුන් තිදෙනා නම් කොකේන් භාවිතා නොකරන බව ද රංජන් රාමනායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ දෙරණ රූපවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති විශේෂාංගයක් සමඟ එක් වෙමිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More