දේශීය පුවත්

ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ ශ්‍රී ලංකාවේ සම දායකත්වය ඇතිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට 2015 වසරේදී ඉදිරිපත් කළ යෝජනාවට අනුග්‍රහය දැක්වීමෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා රජය අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව ඒකාබද්ධව මානව හිමිකම් කවුන්සිලයට එම යෝජනාව ඉදිරිපත් කරන ලදි.

එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජයට පත් කිරීමේ යුද්ධයේ අවසාන සමයේදී සිදු වූ බව කියන මානව හිමිකම් කඩවීම් සහ වගවීම් සම්බන්ධයෙන් වන කරුණු එම යෝජනාවේ අඩංගු වේ. එම යෝජනාවට අනුව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සහභාගීත්වය ද සහිතව යුද අපරාධ විනිශ්චය සභාවක් ස්ථාපිත කළ යුතු යැයි ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ප්‍රකාශ කර තිබිණි.

මේ පිළිබඳව ‘සන්ඩේ ටයිම්ස්‘ පුවත්පත කළ විමසුමකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ එම යෝජනාවට අනුග්‍රහය දැක්වීමෙන් ශ්‍රී ලංකාව ඉවත් කරවා ගැනීමට තමා බලාපොරොත්තු වන බවයි.

අපේ හමුදාව යුද අපරාධ නොකළ අතර දරුණුතම අපරාධ කර ඇත්තේ එල්.ටී.ටී.ඊ සංවිධානය යැයි ද ජීනිවාහිදී සිය ස්ථාවරය පැහැදිලිව ප්‍රකාශ කරන බව ද ජනාධිපතිවරයා කීය.

මේ අතර ජනාධිපතිවරයාගේ උපදෙස් මත එම යෝජනාවට අනුග්‍රහය දැක්වීමෙන් ඉවත් වුවහොත් ඇතිවිය හැකි වාසි සහ අවාසි සම්බන්ධයෙනුත් විදේශ කටයුතු අමාත්‍යාංශය අධ්‍යයනය කරමින් සිටින බව ද වාර්තා වේ. එවකට විදේශ කටයුතු අමාත්‍යවරයාව සිටි මංගල සමරවීර මහතා 2015 විසින් වසරේ සැප්තැම්බර් 20 වැනි දින මානව හිමිකම් කවුන්සිලයට එම යෝජනාව ඉදිරිපත් කරන ලදි.

එම යෝජනාවට අනුග්‍රහය දැක්වීමෙන් ඉවත් වුවහොත් එය ශ්‍රී ලංකාව 2015 වසරේ සිට දැරූ නිල ස්ථාවරයේ සිදුවන සැලකිය යුතු වෙනසක් බව ද පැවසේ.
ජීනිවා නුවරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරය ආරම්භ වී තිබෙන මොහොතක ශ්‍රී ලංකා රජය මෙම යෝජනාවට අනුග්‍රහය දැක්වීමෙන් ඉවත් වීම සම්බන්ධයෙන් සලකා බලමින් සිටී.

එම යෝජනාව නිසා ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකා රජය කෙරෙහි විශ්වාසය තැබීය. එහෙත් ජනාධිපතිවරයාගේ අවසරය ඇතිව ශ්‍රී ලංකාව එම යෝජනාවට අනුග්‍රහය දැක්වීමෙන් ඉවත් වුවහොත් නව රාජ්‍ය තාන්ත්‍රික ගැටළු රැසක් ඇතිවිය හැකි අතර එය ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට දුන් පොරොන්දු ප්‍රතික්ෂේප කිරීමක් ද වේ. ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ නොකළ බවට වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ස්ථාවරය නිසා එවැනි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වනු ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරය පෙබරවාරි 22 සිට මාර්තු 25 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

සන්ඩේ ටයිම්ස් ඇසුරිනි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More