දේශීය පුවත්

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ සැසිවාරයට සහභාගි වීමට උතුරු පළාත්, හිටපු වනිතා කටයුතු ඇමැතිනි ආනන්දි ශෂිදරන් මහත්මිය දැරූ උත්සාහය අසාර්ථක වී තිබේ.

ඇය රාජ්‍ය සේවයේ නිලධාරිනියක වීමත් රාජ්‍ය ආයතනයක සේවය කර සිටීමත් මත ඇයට නිවාඩු ලබාදීම ප්‍රතික්ෂේප කර තිබීම ඊට හේතුවයි. මේ හේතුවෙන් අද (25දා) ඇරඹෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයට ශෂිදරන් මහත්මියට සහභාගි වීමට නොහැකි වී තිබේ.

කිලිනොච්චිය දිසා ලේකම් කාර්යාලයේ සමෘද්ධි සේවා ඒකකයේ කළමනාකාර සහකාරවරියක ලෙස කටයුතු කළ ආනන්දි ශෂිදරන් මහත්මිය පසුගිය ඔක්තෝබර් 25 වැනිදා උතුරු පළාත් සභාව විසුරුවා හැරීමත් සමඟ 28 වැනිදා යළිත් රාජ්‍ය සේවයට වාර්තා කර තිබිණි.

එම තනතුරේ රාජකාරි කර සිටියදී ජිනීවා සැසිවාරය සඳහා සහභාගි වීමේ අරමුණින් නිවාඩු ඉල්ලා තිබුණද කිලිනොච්චිය දිසා ලේකම්වරයා ප්‍රමුඛ ඉහළ නිලධාරීන් නිවාඩු ලබාගැනීමට මේ වන තෙක්ම අවසර ලබාදී නොමැත. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ත්‍රිකුණාමලය දිසාවේ දේශපාලන නායක සින්නදුරෙයි ශෂිදරන් හෙවත් එලීලන්ගේ බිරිය වන ආනන්දි ශෂිදරන් මීට පෙර සෑම ජිනීවා සැසිවාරයකටම සහභාගි වෙමින් යුක්තිය ඉටුකරන්නැයි හඬනඟා තිබිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More