දේශීය පුවත්

ජනාධිපතිවරණයේදී මෙවර නම් සිරිසඟ බෝ නොවී එක්සත් ජාතික පක්ෂයෙන්ම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව සභානායක රාජ්‍ය ව්‍යවසය කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

පසුගිය 2015 ජනාධිපතිවරණයේදී ආණ්ඩු බලය ලැබුණත් එය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් නොවූ නිසා එජාප ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බව ඔහු කීවේය.
මේ වසර අවසානයේදී බොහෝදුරට ජනාධිපතිවරණයක් පැවැත්වෙනු ඇති බවත් එදා එජාප ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවිය නොහැකිව ඒවාට සිදුවුණු බාධා හේතුවෙන්ම එජාප අපේක්ෂකයකුම ඉදිරිපත් කරන බව ඇමැතිවරයා පැවැසුවේය.

එජාප ආණ්ඩුවක් උදෙසා පෙළගැසීමට අවශ්‍යව ඇත්තේ ඒ නිසා බවද ඔහු කීවේය. ඇමැතිවරයා මේ බව කීවේ පසුගියදා පාතදුම්බර මැතිවරණය කොට්ඨාසයේ එජාප ආසන සංවිධායක ලෙස පත්වීම් ලද තිළිණ බණ්ඩාර තෙන්නකෝන් පිළිගැනීම සඳහා සංවිධාන කර තිබූ උත්සවයකට සහභාගි වෙමිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More