අද (24) දහවල් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙරට දී මෙතෙක් සොයාගත් විශාලතම විෂ මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට සමත් වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සියලූ නිලධාරීන්ට ප‍්‍රශංසාව පළ කළේය.
එමෙන්ම ඔවුන්ගේ සේවය අගය කරමින් අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ රටේ අනාගත දරු පරපුර වෙනුවෙන් ගෙන යන මෙම උදාර මෙහෙවර වෙනුවෙන් තම පූර්ණ සහය සහ ආශිර්වාදය සෑම අවස්ථාවකම හිමිවන බවයි.
අත්අඩංගුවට පත් මත්ද්‍රව්‍ය තොගය ද මෙහි දී ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක් විය.
පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඞී. වික‍්‍රමරත්න, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ටී.ඒ.සී ධනපාල යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
අනතුරුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිරික්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපතිතුමා පසුගිය වැටලීම්වලට අදාළ තොරතුරු ද නිරික්ෂණය කරනු ලැබීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...