විදේශ පුවත්

වෙනිසුයාලය තුළ නිර්මාණය වී ඇති නොසන්සුන්කාරී තත්වය සම්පූර්ණයෙන්ම ඇමෙරිකානු උවමනාව මත නිර්මාණය වූවක් බව එක්සත් ජාතීන්ගේ වෙනිසියුලාවේ විශේෂ සම්බන්ධිකාරක ඇල්ෆ්‍රඩ් ඩී සියාස් මහතා පවසා සිටියේය. අන්තර්ජාල පුවත් අඩවියකට අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස් පළකර සිටි අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් රාඩ් අල් හුසෙන් මහතාගේ වාර්තාවන් දැඩි අභියෝගයකට ලක් කරමින් ඇල්ෆ්‍රඩ් ඩී සියාස් මහතා වෙනිසියුලාව සම්බන්ධව විශේෂ වාර්තා දෙකක් ඉදිරිපත් කර තිබේ. ඒ මහතා සමග කළ සම්මුඛ සාකච්ඡාව පහත පළවේ.

ඔබගේ දැක්මට අනුව ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍යය ආයතන වන කැනේඩියානු CBC සහ ඇමෙරිකානු CNN වැනි ආයතන, ඔබ වැනි එක්සත් ජාතින්ගේ සම්බන්ධීකාරකවරුන්ගේත්, ජාත්‍යන්තර නිරීක්‍ෂකයන්ගේත් ඍජු නිරක්‍ෂණ වාර්තා භාර ගැනීම ප්‍රතික්‍ෂ්ප කළේංත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනු ආයතන ඔබගේ වෙනිසියුලානු වාර්තව ප්‍රතික්‍ෂ්ප කළේත් ඇයි?

ඉතා විශාල මුදල් කන්දරාවක් සංසරණය වීම එයට හේතුවයි. වෙනිසියුලාව සතු ඛණිජ තෙල් සහ රත්‍රං ප්‍රමාණය අති විශාලයි. ඇමෙරිකාව සහ යුරෝපා සංගමය මදුරෝ පාලනය අවසන් කර මෙම අතිවිශාල ස්වාභාවික සම්පත් ප්‍රමාණය පෞද්ගලිකකරනය කර කොල්ල කෑමට කෙළ හලමින් සිටිනවා. තොරතුරු වසන් කිරීම මාධ්‍යවේදියකු තම වෘත්තීය ගෞරවය අමු අමුවේම කෙලසීමක්. ඔවුන්ට මගේ සොයා ගැනීම් සහ නිගමන සමඟ එකඟතාවයක් නැතිනම් එය ප්‍රකාශකළ යුතුව තිබුණා. නමුත් මගේ සොයා ගැනීම් වැරදි යැයි ඔප්පු කළ නොහැකි නිසා ඔවුන් කරනු ලැබුවේ ඒවා ඍජුවම නොසලකා හැරීමයි. අප ජීවත් වන්නේ සම්පූර්ණයෙන්ම දේශපාලනික වූ ලෝකයකයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයටත් මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයටත් (OHCHR) මෙම තත්වය පොදුයි. ඒ වගේම දේශපාලනිකව නිර්මාණය කරන ලද වෘත්තාන්තයක් නිතරම ඔසවා තැබීමට නියම වී තිබෙනවා. මගේ වාර්තාව, මානව හිමිකම් පිලිබඳ කොමසාරිස් සෙයිඞ් රාඞ් අල් හුසේන්ගේ වාර්තා දෙකක්ම අභියෝගයට ලක්කර වාදයකට එළඹී තිබෙනවා. මගේ වාර්තා අනුව මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) ලැජ්ජාවට පත්විය යුතුයි.

”The Independent” ඔබව උපුටා දක්වමින් “ඔවුන්ට වුවමනා වුයේ සමාජවාදය අසමත් එසේම සමාජවාදය වෙනිසියුලානු ජනතාව අසමත් බවට පත් කළා යන වෘතාන්තය” යැයි පවසනවා. නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් මෙපිට ප්‍රධාන ධාරාවේ පුවත්පත් වල සමාජවාදය, සමාජවාදී අදහස් සහ සමාජවාදයට නැඹුරු අපේක්ෂකයන් නිරන්තර අවධානය දිනා ගනිමින් සිටිනවා. එක්සත් ජනපදයේ පවා මෙය දැකීමට හැකියි. එසේනම් ඔබ “සමාජවාදය යක්ෂයෙක්” කියා අර්ථදක්වන්නේ ඇයි? වඩාත් විවෘත මනසක් සහිත ජනයාගේ අභිලාෂයයන් පවා නොතකා හරිමින් මෙවැනි ප්‍රපංචයක් ගොඩනැගීමට ඔබ යොමු වන්නේ ඇයි?

වෙනිසියුලාව සම්බන්ධයෙන් මහ විශාල සාගරයක් තරම් වූ මුසාවාද සහිත තොරතුරු මාධ්‍ය මඟින් පතුරුවා හරිනවා. හොඳ අභිලාෂයන් සහිත මිනිසුන් පවා නොමඟ යැවීමට සයිඞ් රාඞ් අල් හුසේන්ගේ වාර්තාව මෙන්ම Human Rights Watch සංවිධානයේ වාර්තාවන් හේතු වී තිබෙනවා. ඇත්ත වශයෙන්ම චාවේස් වගේම මදුරෝද බොහෝ වැරදි තීන්දු තීරණ ගෙන තිබෙනවා. නමුත් ඔවුන් වෙනිසියුලානු ජනතාව පත් කළ නායකයන්. ඇමරිකාවටවත් අපිටවත් වෙනිසියුලානු ජනයාගේ නායකයා කවරෙක් විය යුතු දැයි උපදෙස් දීමට අයිතියක් නැහැ. වෙනිසියුලාවේ දූෂණ සිදු වෙනවා. ඒ වගේම කොලොම්බියාවෙත් බ්‍රසීලයෙත් දූෂණ සිදුවෙනවා. අතිශය තීව්‍ර නාභිගත කිරීමක් වෙනිසියුලාව සම්බන්ධයෙන් කළ විට සහ එම නීතිගත කිරීම සමාජය සහ ව්‍යවස්ථාදායකය සමඟ සම්බන්ධ කලවිට බුද්ධිමතුන් වහ වහා අදහස් දැක්වීමට පෙරට එනවා. බුද්ධිමතුන්ගේ අවංක භාවය වෙනුවෙන් ගෙවිය යුතු මිලක් තිබෙනවා.

ඔබගේ අදහස් සහ වාර්තා නිසා ඔබ එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ හුදෙකලා වූවෙකු බවට පත් වී තිබෙන බව පෙනෙනවා. ඔබ පවසනවා ඔබ නොසලකා හැර ඇති බව “මක්නිසාද යත් ඔබ ගයනා කළ යුතු ගීතය ගායනා කළේ නැහැ. එය සාධාරණ නිගමනයක්ද? ඔබට දැනෙනවාද ඔබගේ අදහස් සහ සොයාගැනීම් අනෙකුත් එක්සත් ජාතීන්ගේ සාමාජිකයන්ගේ අදහස් සමඟ ගැටෙන බව?

මගේ වාර්තාවන් විශේෂයෙන්ම ලෝක බැංකුව සහ මානව හිමිකම් පිළිබඳ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ මානව හිමිකම් පිළිබඳව අයබදු ක්‍ෂේම භූමි (Tax Havens) ආදිය පිළිබඳව පළවූ වාර්තා ඉතාම මතභේදයට තුඩු දුන් ඒවා වූවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය යනු හුදු පුද්ගලයෙකු නොවෙයි. නමුත් රාජ්‍යයන් 193ක එකතුවක්. එසේම භූ දේශපාලනය තීරණය කරනු ලබන්නේ ආරක්ෂක කවුන්සලය වෙතින් පමණක් නොවෙයි. මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ද ඒ සඳහා දායක වෙනවා. මාව විශ්වාස කරන්න, මම දශක ගනනාවක් මානව හිමිකම් පිලිබඳ මහකොමසාරිස් කාර්යාලයේ සේවකයෙක්. මානව හිමිකම් කමිටුවේ ලේකම්, සහ පෙත්සම් දෙපාර්තමේන්තුවේ (Petitions Department) ප්‍රධානියා. අපට කටයුතු කිරීමට සිදුවන්නේ “මානව හිමිකම් ව්‍යාපාරය” සමඟයි. මගේ පළමු ආයතන ප්‍රධානියා වූයේ තියෝ වෑන් බෝවන් (Theo Van Boven) මහතායි. ඔහු මානව හිමිකම් ක්‍ෂ්ත්‍රයේ සැබෑම වීරයෙක්. අද අපට ඉන්න බොහෝ ප්‍රධානීන් දේශපාලනඥයන් සහ “කළමනාකරුවන්”. ඒ අයයි මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පවත්වාගෙන යන්නේ. එසේම ප්‍රධාන රාජ්‍ය නොවන ආයතන වන ජාත්‍යන්තර ක්‍ෂමා ආයතනය (Amnesty International) සහ Human Rights Watch යන සංවිධානවලත් තත්වය එසේමයි. සියලු ආයතන යැපෙන්නේ ආධාර මතයි. ආධාරකරුවෝ න්‍යායපත්‍ර සකසා දීමට දැඩි නැඹුරුතාවයක් දක්වනවා.

සත්‍ය සොයාගැනීම් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ඉදිරිපත් කරනු නොලබන්නේනම් එක්සත් ජාතීන්ගේ සංවිධානය පදනම් වන අනෙකුත් අභිලාශයන් මොනවාද?

අශ්ලීල දේශපාලන ක්‍රමවේද ගණනාවක් දක්නට තිබෙනවා. තර්ජනය කිරීම්, අපහාස කිරීම්, ආයුධ හැසිරවීම් ඒ අතරින් බොහෝ සේ යොදාගන්නා උපක්‍රමයි. තානාපතිවරුන් බොහෝ අවස්ථාවල මට ප්‍රකාශ කර තිබෙනවා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමය වැනි රටවල් වලින් පමණක් නොවෙයි තවත් රටවල් වලින් ඔවුන්ට එල්ලවෙන පීඩනයන් පිළිබඳව. මූලික වශයෙන් භූ දේශපාලනය සහ මුදල් මෙයට හේතු වෙනවා. යමක් අත්පත් කරගත යුතු රාජ්‍යයක් තිබේනම් එම රාජ්‍යය අස්ථාවර කිරීමට මානව හිමිකම් නම් ආයුධය භාවිතා කරනවා.

ඔබගේ වාර්තාව පරිශීලනය කළ ස්වාධීන නිරීක්‍ෂකයකුට අනුව, එක්සත් ජනපදය වෙනිසියුලාවට පැන වූ සම්බාධක නීති විරෝධී යැයි ඔබ පවසන කාරණය සත්‍යය යැයි තහවුරු වෙනවා. මක්නිසාද යත් එම සම්බාධක පැනවීම එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක කවුන්සිලය අනුමත කර නැහැ. එසේම එය මනුෂ්‍යත්වයට එරෙහිව කරනු ලබන අපරාධයක් ලෙස ද හුවා දක්වනවා. තවද ඔබ යෝජනා කරනවා රෝම ප්‍රඥප්තියේ ව්‍යවස්ථා අංක 07ට අනුව ජාත්‍යන්තර යුධ අධිකරණය, එක්සත් ජනපදය වෙනිසියුලාවට එරෙහිව පැමිණ වූ සම්බාධක සම්බන්ධව පරීක්‍ෂණය කළ යුතු බව. කරුණාකර අපට විස්තර කරනවාද එක්සත් ජනපදය කැනඩාව වැනි දියුණු රටවල් ජාත්‍යන්තර නීතියට බැදී සිටීමේත් එම නීති කඩකරනු ලැබීමේත් ප්‍රතිඵල මොනවාදැයි කියා?

ඒක පාර්ශවීවය බලහත්කාරකම් නිරන්තරයෙන්ම නීතිවිරෝධීයි. මක්නිසාදයත් එය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති, ජාත්‍යන්තර නීතිය සහ OAS ප්‍රඥප්තියේ 4වන පරිච්ඡේදයේ 19වන ව්‍යවස්ථාව උල්ලංඝනය කරනු ලබනවා. 2000 වර්ෂයට අප නැවත අවතීර්න වුවහොත් එවකට බෙල්ජියමේ ව්‍යවස්ථා අධිකරණයේ සභාපතිවරයා මෙන්ම මානව හිමිකම් සුරැකීම සහ සංවර්ධනය කිරීමේ එක්සත් ජාතීන්ගේ උප කොමිසමේ විශේෂඥයකු වූ මහාචාර්ය මාක් බොසුයුට් (Marc Bossuyt) ඉතා දිගු ලියවිල්ලකින් ඉදිරිපත් කළා, ඒක පාර්ශවීය බලහත්කාරකම් නීති විරෝධී වන්නේ ඇයි කියා. මම එම ලියවිල්ල තව පියවරක් ඉදිරියට රැගෙන යනවා. එනම්, සම්බාධක හේතුවෙන් සිදුවන මරණ වලට පාදක වන්නේ මන්දපෝෂණය . ඉන්සියුලින්, ප්‍රති රෙට්රෝ වයිරල් ඖෂධ, ප්‍රති මැලේරියා ඖෂධ, පාචනයට අවශ්‍ය ඖෂධ හිඟකම නිසා නම්, තවත් විදියකින් කියනවානම් වෙනිසියුලානුවෝ සිය ගණනක්, දස දහස් ගණනක් මියගොස් ඇත්තේ ඍජුවම සම්බාධක වල ප්‍රතිඵලයක් නිසා නම් එය සාහසික මනුෂ්‍ය ඝාතනයකි. එය අපරාධයකි. ඒ අනුව එසේ පැනවූ සම්බාධක මනුෂ්‍යත්වයට එරෙහිව කරනු ලබන බරපතළ අපරාධයකි. එම අපරාධය ජාත්‍යන්තර යුධ අධිකරණයේ ප්‍රඥප්තියේ හත්වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව පරීක්‍ෂණයට ලක්කළ හැකියි. බොහෝ රාජ්‍යය මේ සම්බන්ධව හේග් නුවර පිහිටි ජාත්‍යන්තර යුධ අධිකරණ අභිචෝදකයාට පැමිණිලි එවිය යුතුය.

මදුරෝ පාලනයට එරෙහිව පනවා ඇති කැනේඩියානු ආර්ථික සම්බාධක ජාත්‍යන්තර නීතිය යටතේ නීති විරෝධීද? එලෙසම කැනඩාව ග්වයිඩෝ ජනාධිපතිවරයා ලෙස පිළිගැනීමත් නීති විරෝධීද?

කැනඩාවේ ආර්ථික සම්බාධක ඉහත විස්තර කළ පරිදිම නීති වීරෝධීයි. ඒ වගේම කැනඩාව අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස ග්වයිඩෝ පිළිගැනීමත් නීති විරෝධීයි. කැනඩාව වැනි රටක් බැලූ බැල්මට ප්‍රජාතන්ත්‍රවාදයට කැප වී තිබෙනවා. නමුත් නීතියේ පාලනය සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කැනඩාව සිදුකළ ආකාරයට කිසිදු රටක් නොකළ යුතුමයි. ඇත්ත වශයෙන්ම එය අවමනායක්. අපි ජාත්‍යන්තර නීතිය අත්තනෝමතිකව යොදා ගැනීම, තෝරා බේරාගෙන යොදා ගැනීම පිළිබඳව සාක්ෂිකරුවෝ වන්නෙමු. මානව හිමිකම් රිසි ලෙස තෝරා බේරා ගැනීම සම්බන්ධව සාක්ෂිකරුවෝ වන්නෙමු. අද දිනයට ඔව්, හෙට දිනයට නැහැෟ සමහර වින්දිතයන්ට ඔව්ෟ සමහර වින්දිතයන්ට නැහැෟ මෙයයි සත්‍ය තත්වය.

වෙනිසියුලාවට එරෙහිව එක්සත් ජනපද සම්බාධක පැනවීම සිදුවූයේ ට්‍රම්ප් පාලනයේදී නොවෙයි. එය ඔබාමා පාලනයේදී පවා සිදුවූවා. ඒ අනුව එක්සත් ජනපදයේ සම්බාධක පැනවීම සම්බන්ධයෙන් පුළුල් චිත්‍රය පිළිබඳව ඔබට කිව හැක්කේ කුමක්ද? එක්සත් ජනපද ජනාධිපතිවරු අත්‍යන්තරයෙන්ම එකඟවන සංකල්පමය සහ දේශපාලනිකමය කාරණා සම්බන්ධයෙන් ඔබ කෙසේද පවසන්නේ ඇමෙරිකාව වෙනත් ජාතියකට එරෙහිව නීති විරෝධී අර්ථික සම්බාධක පනවන්නේ යැයි කියාෟ

ආර්ථිකමය සහ මූල්‍යමය වාද විවාද ඩිමෝක්‍රටික් සහ රිපබ්ලිකන් පාලනය ප්‍රේරණය කරනු ලබන ප්‍රධාන සාධකයි. ඇමෙරිකා එක්සත් ජනපදය තුළ අපට නොපෙනෙන ගැඹුරු රාජ්‍යයක් තිබෙනවා.

ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍යය වෙනිසියුලාවේ පැන නැගුණු තත්වය “මානුෂීය අර්බුදයක්” ලෙස මුරණ්ඩු ලෙස හැඬ නැගීමක නිරත වෙනවා. වෙනිසියුලාවේ තත්වය “මානුෂීය අර්බුදයක්” ලෙස පණ ගන්වන්නේ කුමන සම්බන්ධයක් අනුවද?

වෙනිසියුලාවේ මානුෂීය අර්බුදය යේමනය, ගාසා තීරය, සිරියාව, සෝමාලියාව, සුඩානය ආදී රටවල් සමඟ සැසදිය නොහැකියි. එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකාර්මික සංවිධානය :ත්‍්ධ* පෝෂණ අර්බුදයෙන් පෙළෙන රටවල් 37ක් හඳුනාගෙන තිබෙනවා. වෙනිසියුලාව එම රටවල් 37 තුළ නැහැ. වෙනිසියුලාවේ ‘මානුෂීය අර්බුදයක්’ ඇතැයි යන්න නිර්මාණය කරනු ලබන්නේම “හමුදාමය මානුෂිය මැදිහත් වීමක්” සාධරණීකරනය කිරීමට පමණමයි. එය ඒකාන්තවශයනේම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 2(4) වගන්තිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක්.

නමුත් 2003 දී ඉරාකයේදීත් 2011දී ලිබියාවේදීත් කිසිදු දුර්විපාකයන් නොලබා අපූරුවට එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 2(4) වගන්තිය උල්ලංඝණය කරනු ලැබුවා.

ඔබ පැවසුවා එක්සත් ජනපදය, වෙනිසියුලාවට 1973 දී චිලියට කළ දේම කිරීමට සැරසෙන බව එමගින් වඩාත් “ව්‍යාපාර හිතවාදී” රාජ්‍යයතක් ගොඩනැගීම අරමුණ බව ඔබ පවසනවා. ඒ වගේම ඔබ පවසනවා ආමෙරිකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සැසිවාර වලදී තමන්ට පක්‍ෂපාතී තින්දු තීරණ වෙනුවෙන් ඡන්දය ලබා ගැනීමට රටවල් වලට ආයුධ බලය සහ ආර්ථික සම්බාධක ආදිය තර්ජනාත්මක ස්වරූපයෙන් භාවිතා කරන බව. නමුත් ඔබ කියන කාරණා මාධ්‍ය තුළ පලවන්නේ නැහැ. ඔබ මේ පවසන බරපතළ කාරනය ඔබගේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවා කාලය තුළ සිදුවූ අත්දැකීම් සමඟ විස්තර කළ හැකිද?

මම බොහෝ ජනමාධ්‍යවේදීන් සමඟ සාකච්ඡා කර තිබෙනවා. සමහර සිද්ධි නිත්‍ය ලෙසම මැඩපවත්වා තිබෙනවා. කථාන්තරය ඉතාම සරලයි, “අපි ඇමෙරිකානුවෝ, අපි සංවරශිීලී මිනිස්සු, අපි දන්නවා ලෝකයට සුදුසු කුමක්ද කියා. අපි ලෝකයට ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් රැගෙන ආවා.” යන්න එම සරළ කතාන්තරයයි. මෙය එක්තරා ආකාරයක ආගමික භක්තියක් කවුරුන් හෝ එයට අභියෝග කරන්නේ නම් ඔහුව නොසලකා හරිනු ලබනවා, නැතිනම් පිටුවහල් කරනු ලබනවා. එසේත් බැරිනම් වටකොට අඩන්තේට්ටම් කරනවා.

1970 කරම් ඈත කාලයේදී නික්සන් ජනාධිපතිවරයා එවකට ඇමෙරිකානු රාජ්‍ය ලේකම් හෙන්රි කිසින්ගර් හට පවසා තිබුණේ එක්සත් ජනපදය, ලතින් ඇමෙරිකාවේ විකල්ප සමාජ ආර්ථික ක්‍රමවේදයන් ස්ථාපිත කිරීම සරලව ඉවසා දරන්නේ නැහැ කියායි. “අපි චිලියේ ආර්ථිකය සකස් කරන්නෙමු. එසේම අපි එය කළෙමු” නමුත් අපගේ හපන්කම් පිළිබඳව චිලියේ ජනයා තේරුම් නොගන්නා තත්වයක් තුළත් චිලියේ ජනාධිපති අයියන්ඬේට එරෙහි කැරලි නොගසන තත්වයක් තුළත්, බලවත් ප්‍රබල ක්‍රියාමාර්ග ගැනීමට අපට සිදු වුවා කියා ඔහු පැවසුවා. සාහසික දේශපාලනික විප්ලවයක් ජෙනරාල් ඔගොස්ටෝ පිනෝචේ යොදා ගෙන සිදු කිරීමට අමෙරිකාව කටයුතුළ කලා. එය වසර 17ක ආඥාදායක පාලනයක් චිලියට හිමිකර දුන්නා.

මම දකින භාෂාවේ තිබෙන විශාලතම දුෂණය වූ වචනය නම් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන “ප්‍රජාතන්ත්‍රවාදය” යනුවෙන් උච්චාරණය කරන වචනයයි.

ජීවන්ත ජයතිස්ස
සම්බන්ධිකරණ ලේකම්,
ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගීතාවය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More