දේශීය පුවත්

අද රටක අපරාධකාරයො වැඩිවෙමින් පවතින යුගයක ඒ අපරාධකරුවා මාධ්‍ය මගින් වීරයෙක් බවට පත් කිරීමේදී සමහර ළමයි කියනවා ඇහිලා තියෙනවා අහවල් පුද්ගලයා වගේ වුණොත් පත්තරේ වැටෙනවා. ටෙලිවිෂන් එකේ පෙන්වනවා කියලා එම නිසා ඒවායෙන් මාධ්‍යයත් ඈත් විය යුතුව තිබෙන බව හිටපු ජනපති විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය .

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ ඊයේ 23 වනදා සවස ලුණුගම්වෙහෙර ධිවර ගම්මානයේ මහින්දාරාම විහාරයේ නව වාහල්කඩ විවෘත කිරීමේ හා එම විහාරයේ පවත්වාගෙන යනු ලබන සිරි සදහම් දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා සහභාගි වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා,

”අපරාධකරුවා පිළිබඳව අනවශ්‍ය වීරත්වයක් ගොඩනගලා සමාජය ඔහු පිළිබඳව බලන විදිය වෙනස් කරන්න හදන එක වැරදියි බවත් ඒ හේතුවෙන් තරුණයන් වැරදි මත ඇති කරගන්න බවයි .

”අපි පන්සල මුල් කරගෙන වෘත්තීය පුහුණු ඒකකය, නැණ සැල වැනි ආයතන ආරම්භ කළා. ඊට හේතුව වුණේ පන්සල දරුවන් සහ තරුණයන් වඩාත් ළංකිරීමයි. දහම් පාසල අනිවාර්ය කළ යුතු කාලයක් ඇවිත් තියෙනවා. දහම් පාසල අනිවාර්යයෙන්ම යායුතු ස්ථානයක් බවට පත් කළ යුතුයි. නමට ‍බෞද්ධයො වෙලා ඉඳලා වැඩක් නෑ. ඒ තත්ත්වය වෙනස් කිරීම අත්‍යාවශ්‍යයි.

”අපි අවුරුදු 30ක් තිබුණු යුද්ධය අවසන් කරලා මිනිසුන්ට බයක් නැතිව පාරෙ බැහැල යන්න පුළුවන් තත්ත්වයක් අපි සමාජය තුළ ඇති කළා. අපි භීෂණයට යටවෙලා හිටපු මිනිස්සු. ඒක අපේ තරුණයන්ට, අම්මලා තාත්තලාට අමතක වෙලා. අපි ඒ භීෂණයෙන් රට මුදවාගෙන තියෙනවා. බයක් නැතිව ජීවත් වෙන්න, යාපනයට යන්න, දකුණට එන්න පුළුවන් වාතාවරණයක් ඇති කළ බවද විපක්ෂ නායක වරයා මෙහිදී කියා සිටියේය .

” ප්‍රභාකරන් යුද්ධයෙන් ලබා ගන්න බලාපොරොත්තු වෙච්ච දේ යම් කෙනෙක් කොල කෑල්ලකින් ලබාගන්න සූදානම් වෙනවා නම් එයට මේ සමාජයේ ඉඩක් නැතෙයි කියන එක අපි පැහැදිලිව කියනවා. ඒ නිසා රට තුළ වෙන්නෙ මොනවද කියලා කියන දේ විතරක් පිළිගන්න එපා. බලලා දැනුම ලබාගෙන ඇත්තද නැත්තද කියලා බලලා පිළිගන්න යැයි ඔහු වැඩිදුරටත් පැවසිය.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More