දේශීය පුවත්

විෂ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ මන්ත‍්‍රීවරුන් පිළිබඳ තමන් කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක තවත් ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් සිදු කරඇත.

ඒ අදාළ චෝදනා සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට පත් කළ කමිටුව පිළිබඳවය.

රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක එහිදී පවසා ඇත්තේ මෙම කමිටුවට කොකේන් මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වූ මන්ත‍්‍රීවරයෙකු ද පත් කිරීමට යෝජනා වී තිබුණු බවය.

එහිදී “මේ කමිටුවට කමිටුවේ අනෙක් සාමාජිකයින්ට නොදැනී කොකේන්වලට චෝදනා කෙරුනු කෙකෙත් ඇතුළත් වෙලා හිටියා. මම අගමැතිතුමාට ගිහින් කිව්වා…කමිටුවට යෝජනා කරලා තියෙන පුද්ගලයෙකුටත් මේ වගේ චෝදනාවක් තියෙනවා කියලා. එතුමා මගේ වචනය පිළිඅරන් ක්ෂණිකව ඒ පුද්ගලයාව අයින් කළා. පස්සේ වෙන කෙනෙක්ව දැම්මා. ” යනුවෙන් සඳහන් කළා.

වරදකරුවන්ට එරෙහිව තමන් පාට හෝ පක්ෂ භේදයකින් තොරව කටයුතු කරන බවද ඇමතිවරයා මෙහිදී ප‍්‍රකාශ කර ඇත.

අමේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ඊයේ (23) ප‍්‍රකාශ කළේ විෂ මත්ද්‍රව්‍ය ලබා ගන්නා කිසිදු මන්ත‍්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේ නොමැති බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More