දේශීය පුවත්

අධික වේගයෙන් ධාවනය වන බස් රථ නිසා සිදුවන අනතුරු වැඩි වෙමින් පවතිනවා. එකිනෙකා පරයමින් ගමන් කිරීමට උත්සාහා කිරීම බස් රථ රියදුරන්ගේ සුපුරුදු ක්‍රියාවක්. එසේ ගමන් කිරීමේ දී අනෙකාට සිදුවන හානි පිළිබඳවනම් බොහොමයක් රියදුරන්ට තැකීමක් නැහැ.

අධික වේගය නිසා සිදුවන මෙම අනතුරු අවම කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවරක් ගෙන තිබෙනවා. වේග සීමා උල්ලංඝණය කරමින් ධාවනය වන බස් රථවල බලපත්‍ර අහෝසි කිරීම තමයි ඒ පියවර වන්නේ.

එම කොමිෂන් සභාවේ සභාපති ජනක මල්ලිමාරච්චි මහතා ප්‍රකාශ කළේ අධික වේගය හේතුවෙන් සිදු වන අනතුරු අවම කිරීම එම වැඩපිළිවෙළේ අරමුණ බවයි.

මෙලෙස අපරික්ෂාකාරීව ගමන් කරන බස් රථ සම්බන්ධයෙන් 1955 අංකයට පැමිණිලි කළ හැකි බව ද ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More