දේශීය පුවත්

යහපාලන රජය ස්ථාපිත කරන විට යහපාලන විශාරදයින් සිටියා. එංගලන්තයේ යහපාලනය ලංකාවට ඉගැන් වූ අයත් සිටියා. ලංකාවට අවශ්‍ය විදිහට යහපාලනය ක්‍රියාත්මක කිරීමට සුදානම් වුවත් ඇතැම් අය ඊට විරුද්ධත්වය පළ කළා. එහිදී ප්‍රචාරණ කටයුතු සදහා මුදල් වැය කිරීමට ඇතැම් අය විරුද්ධත්වය පළ කළ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

චීන සහන ණය ආධාර යටතේ තෝරාගත් රෝහල් 13 ක පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල යටතේ කල්පිටිය දිසා රෝහලේ මහල් 05 කින් යුත් වාට්ටු සංකීර්ණය ඉදිකිරීම සදහා මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරතන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ සිදු කෙරිනි. වැය කරන මුදල රුපියල් මිලියන 564 කි. වෛද්‍ය වාට්ටු, සායනික වාට්ටු, ප්‍රථමික සත්කාර ඒකක, මාතෘ සායන යන අංශවලින් මෙම සංකීර්ණය සමන්විත වෙයි. කල්පිටිය නගරයේ සිට රෝහල දක්වා සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුලු ආරධිත අමුත්තන් අලංකාර පෙරහැරකින් කැදවාගෙන එනු ලැබුනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “ඇතැම් දිසා රෝහල් මුලික රෝහල් ලෙසට පත් කරන ලෙසට ඉල්ලීම් ඉදිරිපත් වෙනවා. බොරුවට මුලික රෝහල් බවට පත් කරලා වැඩක් නැහැ. අවශ්‍ය පහසුකම් ලබාදිය යුතුයි. කල්පිටිය දිසා රෝහල 1937 වසරේ ආරම්භ කළත් එය දිසා රෝහලක් බවට පත්වන්නේ 1990 වසරේ දීයි. මුලික රෝහලකට අවශ්‍ය පහසුකම් මම කල්පිටිය දිසා රෝහලට ලබාදෙනවා. කල්පිටිය දිසා රෝහලට ෆෝඩ් වර්ගයේ ගිලන් රථයක් ද ලැබී තිබෙනවා. ෆෝඩ් වර්ගයේ සහ බෙන්ස් ගිලන් රථ 450 ක් දිවයින පුරා රෝහල්වලට බෙදා දෙනවා. මීට පෙර තිබුනු ගිලන් රථ නියම ගිලන් රථ නොවෙයි. එවැනි ගිලන් රථ තමයි අතිවිශාල මුදලක් වැය කරමින් මෙතෙක් කල් ලංකාවට ගෙන ආවේ. මම නියම ගිලන් රථ ගෙනඒමට සුදානම් වන විටත් සමාගම් මට බලපෑම් කළා පැරණි ගිලන් රථ ම මිලදී ගන්න කියලා. පැරණි ගිලන් රථයක් මිල දී ගැනීම සදහා යන මුදලට ෆෝඩ් වර්ගයේ ගිලන් රථ 22 ක් ලබාගන්න පුළුවන්. ඇතැම් රෝගීන් දැන් ප්‍රකාශ කරනවා හොද ගිලන් රථයක ගොස් මැරුණත් කමක් නැහැ කියලා. සෞඛ්‍ය සේවාවේ මානව සම්පත නංවාලීම සදහා ඉදිරි ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, වෛද්‍යවරුන් සදහා නිල නිවාස 1600 ක් පලමු අදියරේ දී ඉදිකිරීමට ද නියමිතයි. ඉන් පසු හෙද, සමසෞඛ්‍ය සහ අනෙකුත් කාර්ය මණ්ඩල වලට අදාල නිල නිවාස ඉදිකරනවා. පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ජනතාව සෞඛ්‍යයට වඩා ආහාර ගැනයි බැලුවේ. පොල් ගෙඩිය ගැන කථා කළේ. පොල් ගෙඩිය ජයග්‍රහණය කළත් සෞඛ්‍ය සේවාව පරාජයට පත් වුනා. අපේ රටේ දේශපාලන සංස්කෘතිය එලෙස ක්‍රියාත්මක වුවත් වර්තමානයේ රුපියල් සත වලට වඩා මනුෂ්‍යත්වය දෙස බලා සෞඛ්‍ය සේවා විධිමත් කර තිබෙනවා. ස්ටෙන්ස්, අක්ෂි කාච නොමිලේ ලබාදෙන විට ඇතැම් වෛද්‍යවරුන් විරුද්ධයි. ඊට හේතුව ස්ටෙන්ස්, අක්ෂි කාච බද්ධ කිරීම තුලින් ලැබෙන කොමිස් මුදල නොලැබීමයි. නමුත් කොතරම් බලපෑම් ආවත් මම ආත්ම ශක්තියෙන් යුතුව එම වැඩපිළිවෙල ඉදිරියටත් ක්‍රියාත්මක කරනවා. පසුගිය රජය සහ අපේ රජය අතර වෙනස එයයි. වත්මන් රජය ධනපති රජයක් බවට චෝදනා කළත්, දුප්පත් ජනතාවගේ සෞඛ්‍ය, අධ්‍යාපනය නංවාලීම සදහා විශාල සේවාවක් ඉටු කරනු ලබනවා.”

මෙම අවස්ථාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතා, ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථීක කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා, පුත්තලම එක්සත් ජාතික පක්ෂ සංවිධානයක එම්.එන්.එම් නෂ්මින් මහතා, හිටපු පළාත් සභා මන්ත්‍රී මොහොමඩ් නියාස් මහතා, කල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති තුමා ඇතුලු මන්ත්‍රීවරුන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, රෝහල් අධ්‍යක්ෂ එච්.ඩී ජයසුන්දර මහතා ඇතුලු කාර්ය මණ්ඩලය, ප්‍රදේශවාසීන් එක්ව සිටියහ.

ප්‍රසන්න අධිකාරි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More