දේශීය පුවත්

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට තමා පමණක්‌ නොව රටේ සමස්‌ත ජනතාවද දැඩි කැමැත්තකින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (22 දා) පැවසීය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ජනාධිපති විධායක බලය අහෝසි කිරීම පිළිබඳව සිදු කරනු ලැබූ ප්‍රසිද්ධ ප්‍රකාශය පිළිබඳව කරුණු විමසීමකදී මහින්ද රාජපක්‍ෂ මහතා එම ප්‍රකාශය කළේය.

ජනාධිපති බලතල අහෝසි කිරීම පිළිබඳව තමන් මීට පෙර සාකච්ඡා කළ බවත් මෙය එහි ප්‍රතිඵලයක්‌ විය හැකි බවත් මහින්ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ජනාධිපති විධායක බලතල අහෝසි කිරීමේදී සුළු ගැටලු කීපයක්‌ ඇති වුවද ඒවා බරපතළ නොවන ගැටලු බව කී මහින්ද රාජපක්‍ෂ මහතා ඒවා ළඟදීම නිරාකරණය කරගන්නා බවද කියා සිටියේය.

මහින්ද රාජපක්‍ෂ මහතා මෙසේද පැවසීය.

මේ ආණ්‌ඩුව ගැන අපට කියන්න වචන නැහැ. මේ ගොල්ලෝ කරන දෙයක්‌ නැහැ. කරපු දෙයක්‌ නැහැ. මෙයාලා තාමත් බයිලා ගහනවා බයිලා චක්‍රවර්තිලා වගේ.

රටේ ජනතාවගේ ප්‍රශ්න තාමත් විසඳිලා නැහැ. ජනතාව තව තවත් අසරණ කරනවා. මත්කුඩු අද වසංගතයක්‌ වගේ. ආණ්‌ඩුවේම ඇමැතිවරු කියන කතා අනුව මත්ද්‍රව්‍යවල අද තත්ත්වය කොහොමද කියලා පැහැදිලි වෙනවා.

ජනාධිපති බලය අහෝසි කිරීමට අපි පමණක්‌ නොවෙයි මේ රටේ සෑම තරාතිරමකම ජන කොටස්‌ ඊට කැමැත්ත දක්‌වනවා.

‘දිවයින’



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More