දේශීය පුවත්

යස්‌මින් සුකා දෙමළ රාජ්‍ය නොවන සංවිධාන, එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදීන් ඇතුළු දෙමළ බෙදුම්වාදී පාර්ශ්ව සමග සමීප සබඳතා පවත්වන බැවින් ඇය ඇතුළු විශේෂඥ කමිටුව විසින් සම්පාදනය කරන ලද වාර්තාව ප්‍රතික්‍ෂේප කිරීමට කටයුතු කරන ලෙස ගෝලීය ශ්‍රී ලංකා සංසදය එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවෙන් ඉල්ලා ඇත.

එක්‌සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් බෑන් කී මූන් විසින් ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදා සහ එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදීන් අතර පැවැති යුද්ධයේ අවසන් අධියරේදී මානව හිමිකම් උල්ලංඝනය වීම සහ යුද අපරාධ සිදු වී ඇත්ද යන්න පිළිබඳව තමන්ට උපදෙස්‌ ලබා ගැනීම සඳහා යස්‌මින් සුකා ඇතුළු විශේෂඥ කමිටුව පත්කරන ලද්දේ 2011 දීය. ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා ඉදිරිපත් කරන ලද්දේ එම කමිටුව විසින් සම්පාදනය කරන ලද වාර්තාව පදනම් කර ගනිමිනි.

එම වාර්තාව සම්පාදනය කිරීමට සම්බන්ධ වූ යස්‌මින් සුකා, මරුසුකි දරුස්‌මාන් දෙමළ රාජ්‍ය නොවන සංවිධාන සහ එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදීන් සමග සමීපව කටයුතු කරමින් එම වාර්තාව සම්පාදනය කර ඇති බවත් එම වාර්තාව ප්‍රතික්‍ෂේප කිරීමට කයුතු කරන ලෙස ගෝලීය ශ්‍රී ලංකා සංසදය, එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේ මහ කොමසාරිස්‌වරයා වෙත යොමු කළ ලිපියෙන් ඉල්ලා ඇත. ගෝලීය ශ්‍රී ලංකා සංසදය වෙනුවෙන් එහි විධායක සභාවේ යසස්‌ ධර්මදාස, එරික්‌ මක්‌කාවිටගේ සේනක රාජපක්‍ෂ, හර්ෂ පෙරේරා, ලලිත් ප්‍රේමලාල් සහ ප්‍රසංග ජයමාන්න එම ලිපියට අත්සන් තබා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More