දේශීය පුවත්

මෙවර අය – වැයේදී ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂය ක්‍රියා කළහොත් ආණ්ඩු වෙනසක් අනිවාර්යයෙන්ම සිදුවන බවත් එම නිසා ජනාධිපති වැය ශීර්ෂය හැකි නම් පරාජය කර පෙන්වන ලෙසට තමා එක්සත් ජාතික පක්ෂයට අභියෝග කරන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා පවසයි.

රටේ රාජ්‍ය නායකයාගේ වැය ශීර්ෂය පරාජයට පත් කිරීම තුළින් එම ආණ්ඩුව සිදු කරන්නේ ආණ්ඩුවේ ප්‍රධානියාගේ වැය ශීර්ෂය පරාජය කිරීම බවත් එවිට අග්‍රාමාත්‍යවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට තවදුරටත් බලයේ සිටීමට නොහැකි තත්ත්වයක් ඇති බවත් ඩිලාන් පෙරේරා මහතා පෙන්වා දෙයි.

එවිට නව අග්‍රාමාත්‍යවරයකු සමඟ නව අමාත්‍ය මණ්ඩලයක් සහිත නව ආණ්ඩුවක් ජනාධිපතිතුමා විසින් ප්‍රකාශයට පත් කරන බවත් ජනාධිපති වැය ශීර්ෂය පරාජය කිරීමෙන් සිදුවන එකම දෙය වන්නේ වර්තමාන ආණ්ඩුව පෙරළීමට අවශ්‍ය පසුබිම සැකසීම පමණක් බවද ඒ මහතා සඳහන් කරයි.

ජනාධිපති වැය ශීර්ෂය පරාජය කිරීමට ක්‍රියාකරන බවට එක්සත් ජාතික පක්ෂයේ ඇතමුන් ප්‍රචාරයක් ගෙන යන බවත් මේ ගැන එක්සත් ජනතා නිදහස් සන්ධානය ඇතුළු විපක්ෂයේ දැඩි අවධානය යොමුවී තිබෙන බව ඩිලාන් පෙරේරා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More