දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවීමට නියමිත නව සන්ධානය සඳහා වූ සාකච්චා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අතර ඊයේ දිනයේදී සිදුව තිබේ.

නව සන්ධානය සඳහා සම සභාපතිවරුන් දෙදෙනෙකු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට යෝජනා ඉදිරිපත් වී ඇතැයි බවද වාර්තා වේ.

මෙම සන්ධානය සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් ගෙන් යුතු කමිටුවක්ද පත් කර ඇති අතර ඔවුන් වට කිහිපයක්ම සාකච්ඡා පවත්වා තිබෙන බවද සදහන්ය.

නව සන්ධානයේ නම ලෙස ‘ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ’ යෝජනා වී ඇති අතර ඒ සඳහා අවසන් එකඟතාවයකට පැමිණ නැත.

නව සන්ධානයේ මැතිවරණ දකුණද ලෙස පොදුජන පෙරමුණ පාර්ශවයෙන් යෝජනා වී ඇත්තේ ‘පොහොට්ටුව’ ලකුණ වුවත් ඒ සඳහා දෙපාර්ශවය එකඟතාවයකට පැමිණ නැත.

ශ‍්‍රීලනිප පාර්ශවය සදහන් කරන්නේ නව දේශපාලන සන්ධානය අලුත් නමකින් හා අලුත් නමකින් ආරම්භ කරන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More