පාද අහිමි වූ හිටපු හිටපු එල් ටී ටී ඊ සාමාජිකයින් හත් දෙනෙකුට හා හිටපු සාමජිකාවකට කෘතිම පාද පරිත්‍යාගයක් අද 22 දින යාපනය සරස්වතී ශාලාවේදී උතුරු පලාත් ආන්ඩුකාර අචාර්ය සුරේන් රාඝවන් මහතා අතින් සිදු කෙරිණි.
රුපියල් ලක්ශ 15කට අධික වටිනාකමකින් යුත් එම කෘතිම පාද සඳහා ”ආවාස් ඉන්ටර්නැෂනල්” ආයතන සහ පරිත්‍යාගශීලින්ගේ අරමුදල් වලින් මෙම පරිත්‍යාග කර තිබුණි.
යාපනය ශ්‍රී නාග විහාර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති,දෙමළ බෞද්ධ සංගමයේ අනුශාසක, පූජ්‍ය ශාස්ත්‍රවේදී මීගහපඳුරේ සිරිවිමල හිමි , රාජා රාජේස්වරන් කුරක්කල්තුමා, ජෙනරත්නවි පූජකතුමා , එන්,එච්,එන්,ඉෆ්රාස් මවුලවි තුමා ගේ ආගමික අනුශාසනාවන් හා ආශිර්වාදය මේ සඳහා හිමි විය.
සහෝදරත්වයේ පියසටහන් සංවිධානයේ සභාපති අරුණ සමරවික්‍රම , ධම්මික ගජවීර සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්‍ෂ ප්‍රසන්න අධිකාරි , යන අය එම අවස්ථාවට සහභාගි විය.
”ආවාස්” ආයතනයේ නිෂ්පාදිත ”ලයිව් ෆ්ලෙක්ස්” ක්‍රියාකාරී කෘතිම පාද ඔවුන් වෙත පරිත්‍යාගකරන ලදී
”ආවාස්” ආයතනයේ යාපනය ශාඛාව මගින් මෙම උත්සවය හිටපු එල් ටී ටී ඊ සාමාජිකයින් අට දෙනෙකුට රුපියල් ලක්‍ෂ 15ක් වටිනා කෘතිම පාද පරිත්‍යාග කෙරේ.
එම අවස්ථාවට පාද අහිමි වූ අයගේ ඥාතී හිතවතුන් මෙන්ම යාපනය නගරසභාවේ නාගරික මන්ත්‍රීවරුන්, හමුදා ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...