දේශීය පුවත්

මේ ආණ්ඩුවට අපි වැඩිදුර යන්න ඉඩ තියන්නේ නැහැ. නිසැක වශයෙන්ම මේ අවුරුද්ද තුළ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ගෙදර යවනවා. මේ අවුරුද්දේ දෙසැම්බර් හතට එහාට මේ ආණ්ඩුවට යන්න බැහැ. අද ඉඳලා හරියටම තව දවස් දෙසිය අසූඅටයි මේ ආණ්ඩුව ගෙදර යවන්න අපිට ඉතිරි වෙලා තිබෙන්නේ.

හිටපු අමාත්‍ය පොදුජන පෙරමුණේ සංවිධායක ඩලස් අලහප්පෙරුම මේ අදහස් පළ කළේ ඇල්පිටිය විහාරමහා දේවි පිරිවෙන් ශාලාවේ පැවැති ජනහමුවක් අමතමිනි. එහිදී ඒ මහතා මෙසේද පැවැසීය.

මේ ආණ්ඩුව පාර්ලිමේන්තුවට ගෙන ඒමට සැලසුම් කරලා තිබෙන්නේ සාහසික යෝජනාවක්. ජනතා පරමාධිපත්‍ය විනාශ කරන යෝජනාවක්. හද්දා පිටිසර ගමේ මිනිහකුගේ ගමේ භාෂාවෙන් කිව්වොත් මේක බලු වැඩක්.

ඒ නිසා මේකට අපි විරුද්ධ වෙනවා. පාර්ලිමේන්තුවේ සභානායක කිරිඇල්ල ඇමැතිතුමා කියනවා ජාතික ආණ්ඩුවක් නිසා කැබිනට් එක වැඩි කරන්න යෝජනාවක් ගෙන එනවා කියලා. එක කැබිනට් ඇමැතිවරයෙක් නඩත්තු කරන්න මාසයකට මිලියන පහක් යනවා. එතකොට ඇමැතිවරු දහඅටක් නඩත්තු කරන්න මිලියන අනූවක්, ඒ කියන්නේ කෝටි නවයක්. අවුරුද්දකට කෝටි එකසිය අටක් යනවා.

රටේ ජනතාවට තියෙන ප්‍රශ්නය මේකද. උපාධිධාරීන් 70 දහසකට අධික පිරිසක් අද රැකියා විරහිතව ඉන්නවා. එක පත්වීමක් දුන්නේ නැහැ. ඒ ප්‍රශ්නය ජනතාවට තිබෙද්දී ඒවාට විසඳුම් නොදෙන ආණ්ඩුව කැබිනට් එක වැඩි කරගන්න හදනවා. බුද්ධික පතිරණ රාජ්‍ය ඇමැතිතුමා කියනවා කිරිපිටිවල සත්ත්ව තෙල් අඩංගුයි කියලා. දරුවො ඉන්න හැම අම්මා කෙනෙක්ම කම්පාවෙලා ඉන්නෙ මේ ගැන අහලා. ආණ්ඩුවට ඒක ප්‍රශ්නයක් නෙවේ.

අපේ රටේ ඕනෑම දේශපාලන තක්කඩියකුට හැංගෙන්න තියෙන එකම තැන ප්‍රජාතන්ත්‍රවාදය විතරයි. සිංහල භාෂාවේ ඒ වචනයත් අද මේ ආණ්ඩුව දූෂණය කරලා ඉවරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More