දේශීය පුවත්

පළාත් සභා ඡන්දය කඩිනමින් පැවැත්වීම සම්බන්ධයෙන් මීළඟට ගතයුතු පියවර ගැන සාකච්ඡා කිරීමට අද (22දා) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී තීරණය වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා පවසයි.

ඒකාබද්ධ විපක්ෂය ඇතුළු එ.ජ.නි.ස සියලුම පක්ෂ නායකයන් මෙම සාකච්ඡාවට සහභාගි වීමට නියමිත බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.

නව ජාතික සන්ධානය ගොඩනැඟීම සම්බන්ධයෙන්ද මෙම පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා වූ බවත් සන්ධානය ගොඩනැංවීමට අවශ්‍ය තාක්ෂණික කමිටු වාර්තාව ලබන සතියේ එම පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් කිරීමට තීරණය වූ බවද පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර පැවසීය.

මීට අමතරව මැතිවරණය කල් දමමින් ආණ්ඩුව ගෙනයන වැඩපිළිවෙළට එරෙහිව මාර්තු මුල් සතියේ සිට රට පුරා විරෝධතා පැවැත්වීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වූ බව වාසුදේව නානායක්කාර මන්ත්‍රිවරයා සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්ෂය ඇතුළු එ.ජ.නි. සන්ධානයේ මෙම පක්ෂ නායක රැස්වීම පෙරේදා (20දා) සවස 6 සිට රාත්‍රි 8 දක්වා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 7 විජේරාම මාවතේ පිහිටි ඒ මහතාගේ නිල නිවසේදී පැවැත්විණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More