දේශීය පුවත්

කොකේන් භාවිත කරන සියලූම මැති ඇමැතිවරුන්ගේ නාම ලේඛනයක් ලක්‍ෂමන් කිරිඇල්ල මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් කමිටුවට අද (22දා) භාර දෙන බව රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා පවසයි.

කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන මැති ඇමැතිවරුන් සිටින බවට රන්ජන් රාමනායක මහතා කළ ප‍්‍රකාශය පිළිබඳව විමර්ශනය කරන සභානායක ඇමැති ලක්‍ෂමන් කිරිඇල්ල මහතාගේ සභාපතිත්වයෙන් යුත් සිව් පුද්ගල කමිටුව අද (22දා) පෙරවරු 10 ට ප‍්‍රථමවරට රැස්වීමට නියමිතය.

පාර්ලිමේන්තු කමිටු ශාලාවේදී මෙම විමර්ශන කමිටුව රැස්වන අතර තමා අද එම කමිටුව හමුවට කැඳවා ඇතැයි මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා පවසයි.

කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන මැති ඇමැතිවරුන්ගේ නාම ලේඛනයක් ද ඒ සම්බන්ධව තමන් දන්නා සියලූ තොරතුරු ද අද තමා කමිටුව හමුවේ හෙළිදරව් කරන බවද හෙතෙම සඳහන් කළේය.

මෙම කමිටුවට ලක්‍ෂමන් කිරිඇල්ල, ඉරාන් වික‍්‍රමරත්න, මහාචාර්ය ආශු මාරසිංහ යන මැති ඇමැතිවරු මෙන්ම අධිනීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා ද ඇතුළත් වෙති.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් පෙරේදා (20දා) මෙම කමිටුව පත් කරනු ලැබීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More