දේශීය පුවත්

යාපනයේ සංවර්ධනය වෙනුවෙන් ඇමති ධූර ලබාගෙන ආණ්ඩුවට එක්වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මන්ත‍්‍රීවරයා ඇතුළු කණ්ඩායමට ආරාධනා කරන බව බස්නාහිර හා මහානගර සංවර්ධන ආමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ

යාපනයේ ඉදිවන දුරගමන් සේවා බස්නැවතුම සහ පොදු බස් නැවතුම නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන්, යාපනය ආණ්ඩුකාර සුරේන් රඝවන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

“යාපනයේ ප‍්‍රධාන දේශපාලන දහරාවේ අවසානයට ඇමති කෙනෙක් හිටියේ තිරුචෙල්වම් ඇමතිතුමා 1968. වසර 50 ක් මේ වන විට ගෙවී තිබෙනවා. විවිධ ඇමතිවරු හිටියත් ප‍්‍රධාන දේශපාලන දහරාවේ ඇමති කෙනෙක් හිටියේ නැහැ. ඒ නිසා අපේ රටේ තිබෙන්නේ අනුග‍්‍රාහක දේශපාලනය.

ඇමතිලා තමන්ගේ ප‍්‍රදේශයට කරගන්න වැඩපිළිවෙල නිසාත්, විද්‍යාත්මක ආකාරයට කරුණු සිදු නොවන නිසාත්, යාපනය සංවර්ධනයේ පසුබෑමකට ලක්වෙලා තිබෙනවා. ඒ නිසා විද්‍යාත්මක සංවර්ධනයක් සිදු විය යුතුයි. එහෙම නැතිනම් සුමන්තිරම් මහත්මයලා ආණ්ඩුවට එකතුවෙලා ඇමති ධූර දරලා තමන්ගේ ප‍්‍රදේශවලට එම සංවර්ධනය ගෙන ආ යුතුයි.

මා ආරාධනා කරනවා එතුමන්ලාට මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙනස සිදු කළා වගේම රජයේ මේ සංවර්ධන කොටසත් කරන්න දායක වන්න කියා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More