දේශීය පුවත්

පසුගිය දිනවල නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා විසින් මතුකළ ආනයනික කිරිපිටි වල කිරි මේදය ඉවත් කොට ඒ වෙනුවට ෆාම් තෙල් එකතු කිරීමේ කූට වාණිජ ක්‍රියාව පිළිබඳ චෝදනාවට ඇමැති රාජිත සේනාරත්න මහතා සහ ඔහුගේ ආහාර අධිකාරි නිලධාරීන් විසින් දුන් පිළිතුරු ජනමාධ්‍ය තුළින් ප්‍රකාශයට පත් විය.

ලංකා ලීඩ් නිව්ස් ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ ප්‍රතිචාරය කුමක්දැයි විමසන ලදී. ඔහු විසින් මීට ලබා දුන් ප්‍රතිචාරය මෙසේය.

‘‘මේ ඇමතිවරයා සහ කිරිපිටි වලින් පිට රට සවාරි සහ වෙනත් සන්තෝෂම් ලබා ගන්නා නිලධාරීන් ‘යන්නේ කොහෙද මල්ලේ පොල්‘ වන්නේ උත්තර දෙන පිරිසක්. බුද්ධික පතිරණ අමාත්‍යවරයා මතුකරන්නේ කිරිපිටි වලට දූෂිත ද්‍රව්‍යයක් එනම් ශුද්‍ර ජීවීන්, බැරලෝහ, විකිරණශීලී ද්‍රව්‍ය හෝ වෙනත් අපද්‍රව්‍ය එකතු කිරීම පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. අද ලෝකේ එවැනි කිරිපිටි ආනයනය කළ නොහැක. එසේම ඔහු මතු කරන්නේ කිරිපිටිවල අඩංගු මේද ප්‍රමාණය ගැන ගැටළුවක් නොවේ. එම ප්‍රමාණය පහසුවෙන් මැන බැලිය හැකි අතර එසේ කරන බවටද විසඳුම්ක් නැත. ප්‍රශ්නය ඇත්තේ කිරි මේදයේ අඩංගු බටර් ඉවත්කොට ඒවා වැඩි මිලට විකුණන ඒ වෙනුවට ෆාම් තෙල් එකතු කිරීමේ කූට වාණිජ ක්‍රියාව වැලැක්වීම සඳහා පියවර ගැනීම පිළිබඳයි.ඔය කිරිපිටි සමාගම් වලට කඩේ යන නිලධාරීන් ඒවා පරික්ෂා කරන්නේ නැහැ. ඒ සඳහා ශ්‍රී ලංකාවේ දැනට පහසුකම් ඇත්තේ නැහැ. එහෙත් ටෙස්ට් රිපෝර්ට් එකක් හෝ තිබේනම් ඉදිරිපත් කරන ලෙස අප ඔවුන්ට අභියෝග කරනවා‘‘



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More