දේශීය පුවත්

යාපනයේ කොකුවිල් ප්‍රදේශයේ නිවාස දෙකකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයන් එල්ල කළ යාපනයේ ආවා ගෲප් කල්ලියේ සාමාජිකයින් සිවුදෙනෙකු 21 දා අලුයම අත් අඩංගුවට ගෙන තිබේ.

යාපනයේ ස්ථාන දෙකකින් අත්අඩංගුවට ගත් මේ සැකකරුවන් ළග තිබී බෝම්බ ප්‍රහාරයන් සදහා පැමිණි යතුරු පැදියක් හා අපරාධ සදහා යොදා ගන්නා ලද කඩු දෙකක් ,කෙටේරී තුනක් ඇතුළු තවත් උපකරණ කීපයක් සොයා ගෙන තිබේ. යාපනයේ කොකුවිල් ප්‍රදේශයේ නිවාස දෙකකට මේ පෙට්රල් බෝම්බ ප්‍රහාරය එල්ල කරණ ලද්දෙ පසුගිය 19 වෙනිදා දහවල් කාලයේදීය.

යාපනය පොලීසිය විසින් කෝපායි පොලීසියේද සහය ඇතිව මාර්ග වල සවිකොට තිබූ සීසීටීවී කැමරා නිරීක්ෂණය කිරීමෙන් පසුව බෝම්බ ප්‍රහාරය සදහා පැමිණි යතුරු පැදිය හදුනාගෙන තිබේ.

ඒ අනුව දියත් කළ මෙහෙයුමකින් පසුව ආවා කල්ලියේ සාමාජිකයින් සිවුදෙනා හා අපරාධවලට සම්බන්ධ කරගත් උපකරණ සොයා ගැනීමට හැකි වී තිබේ.

යාපනය පොලීසිය විසින් මෙම සැකකරුවන් හා උපකරණ කෝපායි පොලීසිය වෙත බාර දී ඇති අතර පොලීසිය ඔවුන්ගෙන් ප්රශ්න කරගෙන යයි. සැකකරුවන් යාපනය අධිකරණය වෙත අනතුරුව ඉදිරිපත් කරණ බව යාපනය පොලීසිය සදහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More