දේශීය පුවත්

රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සහ නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ දරණ තනතුරුවලින් ඔවුන් ඉවත් කරන්නැයි එක්සත් ජාතික පෙරමුණේ ප‍්‍රබලයෙකු යෝජනා කර ඇතැයි වාර්තාවේ.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් විනය කමිටු හරහා තීරණ එනතුරු නොසිට අමාත්‍ය ධුරවලින් ඉවත් කරන ලෙස මෙහිදී ඉල්ලා ඇති බවයි.

මැති ඇමතිවරුන් කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කරන බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ඉකුත්දා ප‍්‍රකාශ කළ අතර නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ ආනයනික කිරිපිටි සම්බන්ධයෙන් ඉකුත්දා ප‍්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේදීය.

ඔවුන් දෙදෙනා සිදු කළ මෙම ප‍්‍රකාශ රටේ ජනතාව අතර දැඩි ආන්දෝලනයක් ඇති කළේය.

ඒ සම්බන්ධයෙන් ඊයේ (20) පැවති එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ද සාකච්ඡා කර තබේ. ඊට එක් වූ ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා හා සිඞ්නි චන්ද්‍රසේකර යන මන්ත‍්‍රීවරුන් මෙන්ම අමාත්‍යවරුන් වන රිෂාඞ් බදියුදීන්, තලතා අතුකෝරළ, රවී කරුණානායක, හරීන් ප‍්‍රනාන්දු සහ සාගල රත්නායක ද ඔවුන්ට එරෙහිව අදහස් පළකර තිබේ.

අමාත්‍ය රාවුෆ් හකීම් පවසා ඇත්තේ රන්ජන් රාමනායක සහ බුද්ධික පතිරණ ඔවුන් දරණ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුරවලින් ඉවත් කළ යුතු බවයි. ඊට ද බොහෝදෙනෙකු එකඟතාව පළ කර ඇතැයි දේශපාලන ආරංචි සඳහන් කරයි.

එමෙන්ම පාර්ලිමේන්තුවේ සිටින සියලූදෙනාගේ රුධිර සාම්පල් පරීක්ෂාවක් සිදු කළ යුතු බවට එහිදී අදහස් දැක්වූ අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු ප‍්‍රකාශ කර ඇත. ඊයේ පැවති එක්සත් ජාතික පෙරමුණේ කණ්ඩායම් රැස්වීමට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සහ නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ සහභාගී වී නොමැත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More