ඩුබායිහි අත්අඩංගුවේ පසුවන පාතාල නායක මධුෂ් ඇතුළු පිරිස පිළිබඳ විමර්ශන කටයුතු සඳහා ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා විසින් පත් කරන ලද පොලිස් නිලධාරීන් සය දෙනාට වීසා ලබා දීම එක්සත් අරාබි එමීර් රාජ්‍යය ප‍්‍රතික්‍ෂේප කර තිබේ.
මීට හේතු වී ඇත්තේ වීසා ලබා දීමට ඩුබායි පොලිසිය විරුද්ධ වීම යැයි ආරංචි මාර්ග පැවසීය. ඩුබායි පොලිසියේ විමර්ශනවලට මැදිහත් වීමට ශ‍්‍රී ලංකාවට ඉඩ දීම එරට පිළිවෙත නොවන බවද එම ආරංචි මාර්ග කීවේය.
මධුෂ් ඇතුළු පිරිසගේ ක‍්‍රියාකාරකම් සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පොලිසිය ඩුබායි හෝ ඉන්ටර්පෝල් පොලිසියට කිසිදු දැනුම් දීමක් කර නැතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...