දේශීය පුවත්

රණවිරුවාට වටින්නේ ජීවිතය නොව ඔහුගේ අභිමානය ඔබත්, එම අභිමානය කෙළෙසන ආකාරයට සිදු කරන අත්අඩංගුවට ගැනීම් වළක්වන ලෙසත් හිටපු හමුදාපතිවරු තිදෙනෙක් ජනාධිපතිවරයාගෙන් ඊයේ (20දා) ඉල්ලීමක් කළහ.

මෙම ඉල්ලීම කරනු ලැබුවේ හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක, හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක සහ හිටපු නාවික හමුදාපති අද්මිරාල් තිසර සමරසිංහ යන මහත්වරුන් විසිනි.

ත‍්‍රිවිධ හමුදා සාමාජිකයන්ට එල්ල වී ඇති විවිධ තර්ජන පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ඊයේ පෙරවරුවේ පදනම් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවේදී ඔවුහු මෙම ඉල්ලීම කළහ. එහිදී හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතා මෙම ඉල්ලීම පිළිබඳව කරුණු දක්වමින් මෙසේද කීවේය.

ත‍්‍රිවිධ හමුදා සාමාජිකයන් වැරදි කර තියෙනවා නම් ඔවුන්ට විරුද්ධව හමුදා වෙන්ම දඬුවම් කර තිබෙනවා. මේ රටේ යුද අපරාධ කියලා දෙයක් වුණේ නැහැ.

ලෝකෙම දරුණුම ත‍්‍රස්තවාදී කණ්ඩායමයි ශී‍්‍ර ලංකා හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්‍ෂක බළකාය එක්ව මර්දනය කළේ.

ත‍්‍රස්තවාදය පරාජය කර ත‍්‍රස්තවාදී සාමාජිකයින් 14,000 ක් පුනරුත්ථාපනය කර පොදු සමාව ලබා දුන්නා. ජනාධිපතිවරයා ඝාතනය කිරීමට පැමිණි කොටි ත‍්‍රස්තවාදියාටත් සමාව දුන්නා. අපේ රටේ පැවැතියේ වසර 30 ක ත‍්‍රස්තවාදයක්. ඒ ත‍්‍රස්තවාදය අවසන් කර ත‍්‍රස්තවාදීන්ට සමාව දුන්නා නම් රණවිරුවන්ට සමාව දෙන්න බැරි ඇයි?

‘‘ත‍්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් යම් වැරැද්දක් සිදුකර තිබෙනවා නම් ඔවුන්ට එරෙහිව සිවිල් නීතිය ක‍්‍රියාත්මක කරනවාට අපි විරුද්ධ නැහැ. නමුත් හමුදා සාමාජිකයන් අත්අඩංගුවට ගෙන මාස ගණන් රඳවා තබාගෙන සිට චෝදනාවන් නැතිව නිදහස් කරනවා. රටේ සංහිඳියාව ගැන කතා කරනවා නම් සංහිඳියාව ඇති කරන්න ඉඩ ප‍්‍රස්ථාව ඇතිකර දුන් ත‍්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්‍ෂක අංශ අමතක කරන්න එපා’’ කියලා අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More