දේශීය පුවත්

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සිට පුනරුත්ථාපනය වූ සාමාජිකයන් පිහිටුවා ගෙන තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන්ගේ පක්ෂයට සහාය දීම සඳහා දෙමළ ඩයස්පෝරාවේ ලන්ඩන් නියෝජිතයා හා තවත් තුන් දෙනෙක් මේ දිනවල උතුරට පැමිණ සිටිති.

විශාල මුදලක් රැගෙන පැමිණ ඇතැයි කියන මේ නියෝජිතයන් මේ දිනවල සටන්කාමී පක්ෂයේ නියෝජිතයන් සමඟ උතුරු පළාතේ දිස්ත්‍රික්කවල සංචාරය කරමින් ජනතාවට අවශ්‍ය දේ පිළිබඳව සාකච්ඡා කිරීමට හා ඒ වෙනුවෙන් සහන සැලසිය හැකි අන්දම පිළිබඳව කරුණු සාකච්ඡා කරමින් සිටිති.

මෙහිදී වැඩි වශයෙන්ම අවධානය යොමු වී ඇත්තේ යුද්ධයේදී විපතට පත් පවුල්වල සාමාජිකයන් කෙරෙහිය.

ඒ අතරින්ද යුද්ධය හේතුවෙන් ස්වාමියා මියගොස් වැන්දඹු භාවයට පත්ව සිටින කාන්තාවන් කෙරෙහිප්‍රමුඛතාව ලබා දී ඇති අතර මේ වන විටත් ඔවුන්ට ස්වයං රැකියා ආරම්භ කිරීම වැනි විවිධ ව්‍යාපෘති සඳහා ආධාර සපයා දී තිබේ.

සටන්කාමීන්ගේ පක්ෂය ඔවුන්ගේ දේශපාලන කටයුතු සඳහා උදවු උපකාර කරන මෙන් දෙමළ ඩයස්පෝරාවෙන් කරන ලද ඉල්ලීමකට අනුව ඔවුන්ගේ නියෝජිතයෝ උතුරු පළාතට පැමිණ සිටිති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More