දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධාන ගත නොවුණහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජයග්‍රහණය කළ නොහැකි යැයි කියන්නේ කිසි දිනෙක මැතිවරණයකට තනිව තරග නොකළ පිරිසක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළේය.

පොදුජන පෙරමුණට තනිව තරග කර ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කළ හැකි ආකාරය පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ලොවටම පෙන්වූ බව පැවැසූ රණතුංග මහතා මීළඟ ජනාධිපතිවරයා මෙන්ම මීළඟ ආණ්ඩුවත් බිහිවන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් බවත් අවධාරණය කළේය.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ රුපියල් ලක්ෂ 10ක වියදමින් සංවර්ධනය කෙරුණු මිනුවන්ගොඩ, උඩුගම්පොළ, පේඩිපොළ මාර්ගය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

එහිදී හෙතෙම මෙසේද පැවැසීය.

අලුතෙන් හදපු පක්ෂයක් වශයෙන් පොදුජන පෙරමුණ ඒ ලැබූ ජයග්‍රහණයට සුළුකොට තකන්න කාටවත් බැහැ. පක්ෂයක් වශයෙන් පොදුජන පෙරමුණට ඒ ජයග්‍රහණය ලබන්න හැකිවුණේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආශීර්වාදයෙන් කියන එකත් අපි මතක් කරන්න ඕනේ.

දැන් සමහරු පොදුජන පෙරමුණේ සන්ධානයක් ගැන කියනවා. නිදහස් පක්ෂය සමඟ එකතු නොවුණොත් දිනන්න බැහැ කියනවා. පක්ෂයක් වුණාම සහෝදර පක්ෂ සමඟ එකතු වෙන්න ඕනේ කියන එක අපි පිළිගන්නවා. හැබැයි පොදුජන පෙරමුණට සන්ධාන ගත නොවීදිනන්න බැහැ කියන මතය අපි පිළිගන්නේ නැහැ. මොකද 2018 පළාත් පාලන මැතිවරණයේදී අපි දිනලා පෙන්නුවා.

පොදුජන පෙරමුණ තනියම මැතිවරණයට තරග කළ යුතුයි කියන මතයේ අපි එදත් හිටියා. අදත් ඉන්නවා. හෙටත් ඉන්නවා. අපි මේ මතයේ නොහිටියා නම් 2015 අගෝස්තු මහ මැතිවරණයේදී මහින්ද මහත්තයාගේ පාර්ශ්වයට වෙච්ච අකටයුතුකම් මේ පාරත් වෙනවා.

පොදුජන පෙරමුණ කියන්නේ ජන බලවේගයක්. ඒ බලවේගය වටා දිනෙන් දින ජනතාව එකතු වෙනවා. දිනෙන් දින අපේ පක්ෂය ශක්තිමත් වෙනවා. 2019 ජනාධිපතිවරණයත් දිනලා 2020 මහ මැතිවරණයත් දිනලා අපි පොහොට්ටුවේ ජනාධිපතිවරයෙක් සහ ආණ්ඩුවක් හදනවා කියලා කවුරුත් මතක තබා ගත යුතුයි. රට හදන්න පුළුවන් අපේ ආණ්ඩුවකට පමණයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More