දේශීය පුවත්

කොකේන් පානය කරන කැබිනට් ඇමතිලා සිටින බවට රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා විසින් කරන ලද චෝදනාව සම්බන්දයෙන් පරීක්‍ෂණ පැවැත්වීම සදහා ආණ්ඩු පක්‍ෂ පාර්ලිමේන්තු කණ්ඩායම විසින් කමිටුවක් පත් කර ඇත.

අදාල චෝදනාව සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වා වාර්තාවක් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කිරීම කමිටුවට පවරා තිබේ.

ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතාගේ සභාපතීත්වයෙන් යුතු කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ රාජ්‍ය ඇමති ඉරාන් වික‍්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආශු මාරසිංහ, එජාප විධායක කමිටු සාමාජික නිශ්ශංක නානායක්කාරයි.

මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් කොකේන් ගහන්නේදැයි සොයා බැලීමට කමිටුවක් පත් කර ඇත්තේ පළමු වතාවටයි.

සමාජ ජාලාවන්හි මෙම කමිටුව නම් කර ඇත්තේ කොකේන් කමිටුව ලෙසින් වන අතර එම කමිටුවේ ලක්‍ෂමන් කිරිඇල්ල මහතා නම් කොකේන් ගහන්නේ නැතැයි රන්ජන් රාමනායක මහතා විසින් කරන ලද ප‍්‍රකාශයක් මතු කරමින් ඇතැමෙක් ප‍්‍රශ්න කර ඇත්තේ සෙසු පිරිස ගැන විශ්වාසයෙන් කිව නොහැකිද යන්නයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More