දේශීය පුවත්

සෞඛ්‍ය අමාත්‍යවරයා කුමන ප්‍රකාශ සිදුකළ ද ආනයනික කිරිපිටිවල අඩංගු මේදය පරීක්ෂා කිරීම සඳහා මෙරට තුළ නිවැරදි තාක්ෂණයක් නොමැති බව සමස්ථ ලංකා පාරිභෝගික අධිකාරීයේ විමර්ශන නිලධාරීන්ගේ සංගමය පවසයි.

අද(20) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ලේකම් ලංකා දික්කුඹුර මහතා මේ බව සඳහන් කළේය.

ප්‍රධාන වශයෙන් කිරිපිටිවල ඇති සංඝටක පිළිබඳ තහවුරු කර ගැනීමට දැනට ලංකාවේ තාක්ෂණය නොමැති වීම විශාල ගැටළුවක් වී ඇති බව ද ලේකම්වරයා මෙහිදී පැවසීය.

ලංකාවට එන ආනයනික භාණ්ඩවල ප්‍රමිතිය පරික්ෂාවට ලක්කලත් එම පරීක්ෂණ වාර්තා ලබා දීමට ගත වන කාලසීමාව දෙස බැලීමේ දී එම භාණ්ඩය වෙළඳපොළට ගොස් අවසන් බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

එම පරීක්ෂණ වාර්තාවල යම් අඩුපාඩුවක් තිබුණත්,එය නිවැරදි කර ගැනීමට නොහැකි බවත්, ඒ වන විට ජනතාව එය පරිභෝජනය කර අවසන් බවත් ලේකම්වරයා මෙහිදී පැවසීය.

එම අඩුපාඩු නිවැරදි කර ගැනීමට නිසි ක්‍රමවේදයක් රජය විසින් සැකසිය යුතු බවත්, එයට අවශ්‍ය තාක්ෂණික දැනුම ද ලබා දිය යුතු බව ද ඒ මහතා සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More