ව්‍යාපාරික පුවත්

රජයේ වැරදි බදු ප්‍රතිපත්තිය හේතුවෙන් 2017 වසරට සාපේක්‍ෂව පසුගිය වසරේදී (2018)මත්පැන් හා දුම්වැටි භාවිත කරන්නන්ගේ ප්‍රමාණය ඉහළ ගොස් තිබෙන බව ඇඩික් ආයතනය සඳහන් කරයි.

පසුගිය වසරේදී ලබාදුන් බදු සහන හේතුවෙන් පසුගිය වසරේදී සමස්ත පිරිමි ජනගහනයෙන් 33%ක් මත්පැන් භාවිත කර තිබෙන බවත්, 26%ක් දුම්වැටි භාවිත කර තිබෙන බවත් එම ආයතනයේ වැඩසටහන් නිලධාරී අසිත දර්ශන මහතා සඳහන් කළේය.

2017 වසරේදී ගෙනගිය බදු ප්‍රතිපත්තිය හේතුවෙන්මද්‍යසාරභාවිත කර තිබෙනුයේ පිරිමි ජනගහනයෙන් 25.3%ක් බවත්, දුම්වැටි භාවිත කර තිබෙනුයේ 23.6%ක ප්‍රමාණයක් බවත් හෙතෙම පවසා සිටියේය.

ඒ අනුව 2017 හා 2018 යන වර්ෂ සංසන්දනය කිරීමේදී 2018 වසරේදී මත්පැන් භාවිත කරන්නන්ගේ ප්‍රමාණය 7.7ක් හා දුම්වැටි භාවිත කරන්නන්ගේ ප්‍රමාණය 2.4%කට ආසන්න ප්‍රමාණයකික් ඉහළගොස් තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.

මත්පැන් හා දුම්වැටි භාවිත කරන කාන්තාවන්ගේ ප්‍රමාණයේ ඉහළ යෑමක් සිදුව නොමැති බවත් ,පොදුවේ පසුගිය වසරේදී මත්පැන් පානය කර තිබෙනුයේසමස්ත කාන්තාජනගහනයෙන් 02%ක් බවත්,දුම්වැටි භාවිත කර තිබෙනුයේ0.5%ක් බවත් අසිත දර්ශන මහතා පැවසීය.

‘මතට තිත’ තබනබවට සඳහන් කරමින් රටතුළ වැඩපිළිවෙළක් දියත් කළද,බියර්මිල අඩු කිරීම හා අනෙකුත් මත්පැන්වලට ප්‍රමාණවත් තරම් බදු පැනවීමට කටයුතු නොකිරීමහේතුවෙන් මෙම තත්ත්වය ඇතිවීතිබෙන බවදඔහුපවසා සිටියේය.

දුම්වැටිබදු ඉහළ දැමූ බවට රජය ප්‍රකාශ කළද,පසුගිය වසරේදී එක් දුම්වැටි වර්ගයකට පමණක් සුළු බදු ප්‍රමාණයක් එක්කළබවත්,මීට අමතරව රුපියල් 40කට සිගරැට්ටුවක් අලෙවි කිරීමට අවස්ථාව ලබාදුන් බවත් ඒ මහතා සඳහන් කළේය.

එබැවින් රුපියල් 55 සිගරැට් මිලදී ගැනීමට සාපේක්‍ෂව රුපියල් 40කට හඳුන්වා දුන් සිගරැට්ටුව අතිවිශාල ලෙස අලෙවි වෙමින් තිබෙන බවද ඔහුපැවසීය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More