දේශීය පුවත්

නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය කරන ස්ථානයක් වැටලීමට ගිය සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ගෝඩා බැරලයකට වැටී තුවාල ලබා තිබේ.

එලෙස තුවාල ලබා ඇත්තේ සුරාබදු පරීක්ෂකවරයෙකි.

අදාළ නිලධාරියා උණුසුම් ගෝඩා බැරලයක් තුලට වැටී ඇති බවත්, ඔහුගේ පාද පිලිස්සී ඇති බවත් සුරාබදු දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙකු සදහන් කළේය.

පිලිස්සුම් තුවාල ලැබූ සුරාබදු පරීක්ෂකවරයා ප‍්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු මෙම අනතුරට ලක්ව ඇත්තේ ජා ඇල, තුඩැල්ල ප‍්‍රදේශයේ වගුරු බිමක පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය කරන ස්ථානයක් වැටලීමට ගිය අවස්ථාවේදීය.

කොළඹ සුරාබදු විශේෂ ඒකකය මගින් සිදු කළ එම වැටලීමේදී ස්පී‍්‍රතු බෝතල් 1800ක්, ගොඩා බැරල් 39ක් සහ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More