පාසැල් සිසුන්ට ලබාදෙන සුරක්ෂා රක්ෂණ වැඩ වැඩසටහන පිළිබඳව පසුගිය කාලයේදී විවිධ මත වාද පළ වීම හේතුකොටගෙන ජනාධිපති ලේකම්වරයා විසින් රක්ෂණ සමාගම් සමග ගිවිසුම්ගත වීම තාවකාලිකව අත්හිටුවා ඇත.
පසුගිය වසරේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් සුරක්ෂා රක්ෂණ ක්‍රමය විදේශීය රක්ෂණ සමාගම ප්‍රතිරක්ෂණය කිරීම නිසා රටට රුපියල් මිලියන 2000ක් අහිමි වූ බවට චෝදනා එල්ල විය.
ඒ නිසා මුදලක් සිසුන් විසින් පෞද්ගලික වෛද්‍ය සේවා ලබාගැනීමට වියදම් නොකරන බව සහ ඒ මගින් පෞද්ගලික වෛද්‍ය සේවා ප්‍රවර්ධනය කිරීමට වක්‍ර උත්සාහයක් ගන්නා බවටද චෝදනා එල්ල විය.
ඒ අතර සෞඛ්‍ය අංශ විද්වතුන් සඳහන් කරන්නේ දියුණු පාසැල් සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාම සහ රජයේ රෝහල්වල පාසල් සිසුන්ට ප්‍රමුඛත්වයතාවයක් සහිතව විශේෂ වැඩ වැඩසටහනක් සකස් කිරීම සඳහා එපමණ මුදලක් වැය නොවන බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...