ව්‍යාපාරික පුවත්

හපාලන ආණ්ඩුවේ වරින් වර වෙනස් වන බදු ප්‍රතිපත්ති විශේෂයෙන් දේපල වෙළඳාම් සඳහා 15% ක වැට් බදු පැනවීම නිසා දේපල වෙළඳපල සම්පූර්ණයෙන්ම කඩා වැටීමේ තත්වයක් උද්ගත වී ඇති බව පසුගියදා කින්ග්ස්බරි හෝටලයේ දී පැවැත්වූ ලංකා දේපල ප්‍රදර්ශනයේ දී අනාවරණය විය.

එහිදී අදහස් දැක්වූ රවී අබේසූරිය මහතා සඳහන් කළේ ඇමරිකාවේ සිදු වූ ආකාරයට දේපල වෙලඳපොල බුබුල බිඳී ගොස් සමස්ත දේපළ වෙළඳපල පමණක් නොව බැංකු පද්ධතිය කඩා වැටීමට ඉඩ තිබෙන බවය.

පවතින සංඛ්‍යා ලේඛන වලට අනුව ඉදිකරනු ලබන නිවාස වලින් විකිණීම් සඳහා ගිවිසුම් ගත වන්නේ 65%ක් පමණ ප්‍රමාණයෙන් 90%ම මිලදී ගන්නේ විදේශගත ශ්‍රී ලාංකිකයන් විසිනි.

ඔවුන් ඒවා මිලදී ගන්නේ මූලිකව වශයෙන් ආයෝජනයක් ලෙස ය. එහෙත් වෙළඳපොල කඩා වැටීම තුල ඒවා නැවත විකිණීම ඉතා දුෂ්කර වී ඇත. මෙම තත්වය යටතේ මිලදී ගැනීමේ අඩුවීම නිසා දේපළ ආයතන රාශියක් බැංකු ණය ගෙවාගත නොහැකිව බංකොලොත් වී ඇති බව ද ප්‍රකාශයට පත් විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More