දේශීය පුවත්

අඟුරුවාතොට පොලිස් වසමේ රෙමුණ අඹගහලන්ද පාරේ නිවසක තනා තිබුණු අනාරක්ෂිත තාප්පයක් අසල්වැසි නිවැසියෙකු මත කඩා වැටීමෙන් එම පුද්ගලයාගේ දෙකකුල උකුල් ප්‍රදේශය බරපතළ ලෙස හානියට පත් විය.

අදාල ස්ථානීය පරීක්ෂණය සිදු කළ අඟුරුවාතොට පොලිසිය මෙම සිදුවීම අධිකරණයට වාර්තා කිරීමෙන් අනතුරුව පැවති තත්ත්වය පිළිබඳ පිළිබඳව විමසීමක් කොට තාප්පය අයත් නිවසේ හිමිකරු දින 7 ක කාලයක් සඳහා බන්ධනාගාර ගත කරන ලදී.

මෙම සිදු වීම සමඟ කෝපයට පත් පානදුර ප්‍රදේශයේ ඉහළ පොලිස් නිලධාරියකු අඟුරුවාතොට පොලිසියේ ස්ථානාධිපතිවරයා කැඳවා ඉතා පහත් ලෙස බැණ වැදී ,වහා ම මෝසමක් ඉදිරිපත් කොට බන්ධනාගාර ගත කරන ලද පුද්ගලයා මුදවා ගන්නා ලෙස උපදෙස් දී ඇත.

පොලිස් පැමිණිල්ලකට බන්ධනාගාර ගත කරන ලද පුද්ගලයා යළිත් එම පොලිසිය විසින් ම මෝසමක් ඉදිරිපත් කොට ඇප ලබා ගත් ආකාරය අධිකරණයේ රැස්ව සිටි පිරිසට දැක ගත හැකි විය.

අනාරක්ෂිත තාප්පය කඩා වැටීමෙන් අගතියට පත් පුද්ගලයා දින දහ හතරක් පුරාවට රෝහල් ගතව සිට ශල්‍ය කර්ම වලට භාජනය වීමෙන් අනතුරුව මේ වන විටත් තමාගේ රැකියාව පවා සිදුකර ගැනීමට නොහැකිව ඔත්පල ව සිටින අතර අනාරක්ෂිත තාප්පය පවත්වාගෙන ගිය පුද්ගලයා කෙරෙහි පානදුර ඉහළ පොලිස් නිලධාරියා දැක්වූ කරුණාව අගතියට පත් පාර්ශවය කෙරෙහි නොදැක්වීම බරපතල ගැටලුවකි.

– නිලන්ති කළුආරච්චි

අනතුරට පත් වූ පුද්ගලයාගේ X කිරණ පිටපත් සහ කඩා වැටුණු අනාරක්ෂිත තාප්පයේ ඡායාරූපයක්ද පහතින් දැක්වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More