දේශීය පුවත්

ජාතික ආණ්ඩුව පිහිටුවීමේ යෝජනාව අද (20) පාර්ලිමේන්තුවේ විවාදයට නොගන්නා බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. විවාදය පවත්වන දිනය සම්බන්ධයෙන් අගමැතිවරයාගෙන් තමන්ට තවමත් උපදෙස් ලැබී නැති බවද ඔහු පැවසීය.

එක්සත් ජාතික පක්ෂය ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඇති බව දක්වමින් ඊට අවශ්‍ය පරිදි අමාත්‍ය ධුර සංඛ්‍යාව 48 දක්වා වැඩිකරගැනීමේ යෝජනාවක් පෙබරවාරි 01 පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අතර එය පෙබරවාරි 07 වෙනිදා විවාදයට ගැනීම සඳහා පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයටද ඇතුලත් කර තිබුණි.

නමුත් මෙම යෝජනාව එදින විවාදයට නොගැනීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කළ අතර සභානායකවරයා පැවසුවේ එම යෝජනාව මෙම සතියේ පාර්ලිමේන්තු සැසිවාරයේදී විවාදයට ගන්නා බවයි.
අද දහවල් රැස්වන පක්ෂ නායක රැස්වීමේදී මේ පිළිබඳව වැඩි දුරටත් සාකච්ඡා කිරීමට නියමිතව ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More