දේශීය පුවත්

මහරගම ඇරැුව්වල මැණික් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි 700 ක් වටිනා දියමන්තියක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ මාකඳුරේ මධුෂ්ගේ තවත් ප‍්‍රධාන පෙළේ ගෝලයකු වන කසුන් දනන්ජය හෙවත් වෙඩිකන්දේ කසුන් නමැත්තා මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මගින් ඊයේ (19 වැනිදා දහවල් අත්අඩංගුවට ගෙන ඇත. 04 වැනි පිටුවට

සැකකරු වත්තල හුණුපිටිය වෙඩිකන්ද ප‍්‍රදේශයේ සිටින බවට ලැබුණු තොරතුරක් මත මිරිහාන විශේෂ අපරාධ ඒකකයේ ස්ථානාධිපති ජයන්ත පෙරේරා මහතා ඇතුළු නිලධාරීන් කළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.

රුපියල් කෝටි 700 දියමන්තිය කොල්ලකෑම සඳහා මැණික් ව්‍යාපාරිකයාගේ නිවසට මෙම සැකකරු ගොස් ඇති බවද කොල්ලකෑම සඳහා මාකඳුරේ මධුෂ් සිය ගෝලයකු මාර්ගයෙන් මොහුට පිස්තෝලයක්ද එවා ඇති බවද පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබේ.

මෙම දියමන්ති කොල්ලය සඳහා අත්තිකාරම් මුදලක් ලෙස රුපියල් ලක්‍ෂ දෙකක් මාකඳුරේ මධුෂ් මොහුට ලබාදී ඇති බවද විමර්ශනවලින් හෙළිවී තිබේ.

ඉකුත් වසරේ දෙසැම්බර් මස 5 වැනිදා මෙම දියමන්ති කොල්ලය සිදුවූ අතර කොල්ල කෑ දියමන්තිය මාකඳුරේ මධුෂ් ඩුබායි වෙත ගෙන්වාගෙන ඇති බවට විමර්ශනවලින් අනාවරණය වී ඇත.

සැකකරු මිරිහාන විශේෂ විමර්ශන ඒකකය මගින් රඳවාගෙන වැඩිදුරටත් ප‍්‍රශ්න කරගෙන යයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More