කොකේන් භාවිත කරන මැති ඇමැතිවරුන් විසි හතර දෙනකු පාර්ලිමේන්තුවේ සිටී නම් ඒ පිළිබඳව තමන්ට ලිඛිතව දැනුම් දෙන ලෙස රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතාට කථානායක කරු ජයසූරිය මහතා විසින් දැනුම් දී තිබේ.
පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන් විසි හතර දෙනකු කොකේන් භාවිත කරන බවට රන්ජන් රාමනායක ඇමැතිවරයා පසුගිය දිනෙක තමන්ට දුරකථන ඇමතුමක් මගින් පැමිණිලි කළ බව කථානායක කරු ජයසූරිය මහතා පවසයි.
‘‘දුරකථනයෙන් නොවෙයි ලිඛිතව පැමිණිලි කරන ලෙස මම රාජ්‍ය ඇමැතිවරයාට දැනුම් දුන්නා. තවම මගේ අතට එවැනි ලිඛිත පැමිණිල්ලක් ලැබිලා නැහැ. සමහරවිට මගේ කාර්යාලයට ලැබිලද දන්නේ නැහැ. ඒ වගේ පැමිණිල්ලක් ලැබුණොත් පක්ෂ නායකයින් සමග සාකච්ඡා කරලා තීරණයක් ගන්නවා මිස මම තනි තීරණ ගන්නේ නැහැ. බලමුකො මොනවද වෙන්නේ කියලා. අනෙක පොලිසිය කරන පරීක්ෂණ මට කරන්න බැහැනෙ’’ යැයිද කථානායක කරු ජයසූරිය මහතා ප‍්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...