දේශීය පුවත්

කොකේන් භාවිතා කරන ආණ්ඩුවක් සමඟ කොකේන් නැති කළ නොහැකි බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ප්‍රකාශ කර සිටියේ අද (19) තංගල්ල කාර්ල්ටන් නිවෙසේදී මාධ්‍යට අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා මෙසේද කීවේය.

ඒ මහතා ප්‍රකාශ කර සිටියේ කොකේන් භාවිතා කරන අය කැබිනට් එකේ ඉන්නවා නම් ඒක ප්‍රසිද්ධියේ කියන්න ඕනෑ. පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොටම චෝදනා කරන්න බැහැ. කැබිනට් මණ්ඩලයේ ඉන්න සියලුම දෙනාට චෝදනා ඉදිරිපත් කරල තිබෙනවා. ඒ අය දැනගන්න ඕන කැබිනට් මණ්ඩලය බේරගන්න. කෝකේන් ගහන ආණ්ඩුවක් එක්ක කොහොමද කොකේන් නැති කරන්නේ.

මේ වකවානුවේදී සිදුවන ඇතැම් සිදුවීම් 89 -90 කාලයේදී වුණ සිදුවීම් වගෙයි. ඒ කාලයෙත් ඇවිත් උස්සගෙන ගිහින් අතුරුදන් කළා. දැනුත් ඒ වගේ අතුරුදන් කරල තිබෙනවා. ආණ්ඩුව මේවට වග කියන්න ඕන. මේවායින් මිදෙන්න ඒ අයට බැහැ. රජය වගකීම බාරගත යුතුයි. පළාත් සභා මැතිවරණය වහාම පැවැත්විය යුතුයි. එහෙමත් නැතිනම් පාර්ලිමේන්තු මැතිවරණය තියන්න ඕන. ජනාධිපතිවරණයටත් අපි සූදානම්. ඕනෑම මැතිවරණයකට අපි සූදානම් යනුවෙනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More