දේශීය පුවත්

යුද සමයේ අවසන් කාලයේදී යුද හමුදාවෙන් පමණක් නොව එල්.ටී.ටී.ඊ.සංවිධානයෙන්ද යුද අපරාධ සිදු වූ බව අග‍්‍රාමාත්‍යවරයා පිළිගෙන ඇති බවත් මෙවැනි ක‍්‍රියා යුද්ධයකදී කිසිසේත්ම නවතා ලිය නොහැකි බවත් දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රකාශක එම්.ඒ.සුමන්තිරන් මන්ත‍්‍රීවරයා යාපනයේදී පැවසීය.

යාපනයේ තරුණ සංගම් ශාලාවේ පැවති ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ තරුණ සමුළුව අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙරට පැවති යුද්ධයේදී ඊට සම්බන්ධ දෙපාර්ශ්වයම වැරදි සිදු කර ඇති බවට අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශයක් කර ඇතැයි කී සුමන්තිරන් මන්ත‍්‍රීවරයා ශ‍්‍රී ලංකාවේ යුද අපරාධ සිදු වූ බවත් විශේෂයෙන්ම ඒවා සිදුවූයේ යුද්ධයේ අවසන් කාලයේදී බවත් ප‍්‍රකාශ කළේය.

පොදුවේ ගත් විට යුද්ධ කාලයේදී බොහෝදුරට මෙවැනි කි‍්‍රයා සිදුවීම හැමෝම දන්නා සත්‍යයක් බවද ඔහු පැවසීය.

ඒක ප‍්‍රතික්ෂේප කළ නොහැකි බවත් එය වහන්නත් අමතක කරන්නත් නොහැකි බවත් පවසමින් ශ‍්‍රී ලංකා රජය මෙපමණ කාලයක් ලංකාවේ යුද විරුවන් වැරැුද්දක් කළේ නැති බව පැවසූ බව කියා සිටියේය.

යුද විරුවන් වැරදි කර තිබෙන බව සති 2 කට පෙර මහින්ද රාජපක්‍ෂ මහතාට වැරදීමකින් හෝ කියවුණ බවත් නමුත් පළමුවරට නිල වශයෙන් රටේ අගමැති ප‍්‍රසිද්ධියේ දෙපාර්ශ්වයම වැරදි කරලා තියෙන බව ප‍්‍රකාශ කළ බවත් එය අගය කළ යුතු කරුණක් බවත් හෙතෙම පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More