දේශීය පුවත්

නීවා පොරොන්දු ඉටු කර ගැනීමට නොහැකිව ජාත්‍යන්තරයේ දෝෂාරෝපණයට ලක් වී සිටින වත්මන් රජය තමන් විසින්ම ඇති කර ගත් අර්බුදයෙන් ගොඩ යෑම ස`දහා හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ඇතුළු නාවික විරුවන් එකොළොස් දෙනකුට නඩු පවරා සිරගත කිරීමේ දේශද්‍රෝහී වැඩපිළිවෙළක් අරඹා ඇතැයි හිටපු ඇමැති සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.

රජය මෙසේ කටයුතු කරන්නේ බටහිර බලවේග සහ කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව මෙන්ම දෙමළ සන්ධානය පිනවීම ස`දහා දැයි යන සැකයක් අද රටේ ජනතාවගේ මනස තුළ ඇති වී තිබෙන බව ද ජී. එල්. පීරිස් මහතා අවධාරණය කළේය.

කොළඹදී ඊයේ (18 වැනිදා) පැවති ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ස`දහන් කළේය.

රජය මෙසේ ද්‍රෝහී සැලසුමක් කි‍්‍රයාත්මක කරමින් සිටින්නේ ලබන සතියේ ජිනීවා නුවරදී ආරම්භ වන මානව හිමිකම් සැසිවාරයේදී ශී‍්‍ර ලංකාව පිළිබ`ද සාකච්ඡුා කිරීමට නියමිතව තිබීම නිසා බවද ජී. එල්. පීරිස් මහතා පැවසීය.

එක්සත් ජාතික පෙරමුණු රජය ඉකුත් 2015 දී සහ 2017 දී කිසිදු වගකීමකින් තොරව ජාත්‍යන්තර ප‍්‍රජාවට නිශ්චිත සහ ස්ථිර පොරොන්දු ලබා දුන්න ද අද රටේ පවතින ජනමතය අනුව එකී පොරොන්දු කිසිසේත් ඉටු කිරීමට නොහැකි බව දැන් රජයට වැටහී තිබෙන බව ඒ මහතා පැවසීය.

රණවිරුවන් පාවාදෙන මේ ද්‍රෝහී වැඩපිළිවෙළට අමතරව මේ රටට කිසිසේත්ම නොගැළපෙන සත්‍ය හා සංහිඳියාව පිළිබ`ද කොමිෂන් සභාව ස්ථාපිත කර දැනට පාර්ලිමේන්තුවේ සම්මත කර ඇති ප‍්‍රතිපූර්ණ කොමිසම ද ඇති කර ජිනීවා පිනවීම ස`දහා මහජන මුදල්වලින් එල්. ටී. ටී. ඊ. සාමාජිකයන්ට වන්දි ගෙවීමට සැරසෙන බව ද ජී. එල්. පීරිස් මහතා කීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More