දේශීය පුවත්

නවම් පොහොයබුදු සසුණේත් බුද්ධ චරිතයේත් උදාර සිදුවීම් රැසක් සිදුවුණු ඓතිහාසික පූජනීය දිනයක් ලෙස නවම් පුර පසළොස්වක් පොහොය වැදගත් වෙනවා.

සුදුස්සන්ට සුදුසු තැන ලබාදීම බුද්ධ චරිතයේ කැපී පෙනෙන ලක්‍ෂණයක් සැරියුත් හාමුදුරුවන්ට හා මුගලන් හාමුදුරුවන්ට අගසව් තනතුරු දීම ඊට හොඳම නිදසුනක්. මුලින් පැවිදි වූ භික්‍ෂූන් සිටිය දී ළඟදී සසුනට ඇතුළු වූ සැරියුත් – මුගලන් හිමිවරුන්ට අගසව් තනතුරු දීම ගැන ඇතැම් භික්‍ෂූන් දොස් නැගුවා.සැරියුත් – මුගලන් දෙනම සංසාරයේ දීර්ඝ කාලයක් අගසව් තනතුරු පතාගෙන ඒ සඳහා අවශ්‍ය පින් රැස්කරගත් නිසා එම තනතුරුවලට සුදුස්සන් ඒ දෙනම ම බව බුදුහාමුදුරුවෝ පැහැදිලි කළ සේක. සම්බුද්ධ ශාසනයෙහි ප‍්‍රථම වරට මහා සංඝ සන්නිපාතය සිදුවූයේත් නවම් පසළොස්වක් පොහෝ දවසක.

තථාගතයන්වහන්සේ විසින් මහා සංඝයාට ඕවාද ප‍්‍රාතිමෝක්‍ෂය වදාළේත් නවම් පුණු පොහෝ දිනයක. ඕවාද ප‍්‍රාතිමෝක්‍ෂය කියන්නේ භික්‍ෂූන්වහන්සේලාට හික්මීම පිණිස අවශ්‍ය විනය මාලාව, අල්පායුෂ්ක බුදුවරුන්ගෙ ශාසනවල ඕවාද ප‍්‍රාතිමෝක්‍ෂය වදාරන්නේ මුල් අවුරුදු විස්ස තුළය. ගෞතම බුද්ධ ශාසනය ද එවැන්නක්.

අතීතයේ ලොව පහළ වූ විපස්සී නම් බුදුන් අවුරුදු අසූදහසක් ද, සිඛී නම් බුදුන් අවුරුදු හැත්තෑදහසක් ද, කකුසඳ බුදුන් අවුරුදු හතළිස් දහසක් ද, කෝණාගම බුදුන් අවුරුදු තිස්දහසක් ද, කාශ්‍යප බුදුන් අවුරුදු විසිදහසක් ද, පරමායු විඳ ඇත. ගෞතම බුදුන්ගේ ආයු කාලය අවුරුදු අසූවකි. මෙතෙක් කාලයකින් පිරිනිවන්පාන්නේමියි. කාලය සීමාකර ගැනීම ආයු සංස්කාරය හැරීමයි. එය ද සිදුවුණේ නවම් පුර පසළොස්වක දවසකය.

සිත කය වචන සංවර කරගෙන කුසල් වඩන්න අද පොහෝය දින අධිෂ්ඨාන ඇතිකර ගනිමු.

තෙරුවන් සරණයි
ශාස්ත්‍රපති පූජ්‍ය දෙහිපේ චන්දවිමල හිමි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More