දේශීය පුවත්

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයා තෝරාගෙන සන්ධානය හැදීම නොව සන්ධානය හදා එහි සාකච්ඡා කර අපේක්ෂකයා තෝරා ගැනීම සිදු කළ යුතු යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමගියට කවුරුන් හෝ විරුද්ධ වන්නේ නම් ඒ එජාපයේ ජය ප‍්‍රාර්ථනා කරන අයෙක් යැයි ද ගම්මන්පිල මහතා කීය.

ජනාධිපතිවරණයක දී ජය ගත හැකි එකම අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බව ජාතිකවාදී හා වාමවාදී කඳවුරු දෙකෙහිම මතය බවත් කලින් ජාතිකවාදී කණ්ඩායම එම මතයේ හිඳිද්දී වාමවාදී කණ්ඩායම් එය ප‍්‍රතික්ෂේප කළ බවත් හෙතෙම කියා සිටියේය.

කෙසේ වෙතත් පුළුල් සන්ධානයක දී මේ කරුණ පිළිබඳව සාකච්ඡා කර එකඟතාවකට පැමිණිය යුතුයැයි ද අවශ්‍ය වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයකට ඉදිරිපත් කර බලා හිඳීමට නොව ඔහු ජයග‍්‍රහණය කර ජනාධිපති පුටුවේ අසුන් ගැන්වීම යැයි ද ගම්මන්පිල මහතා කියා සිටියේය.

ජනාධිපතිවරණයක දී වැදගත් වන්නේ පක්ෂය හෝ ලකුණ නොව පුද්ගලයා බවත් අවශ්‍ය වන්නේ සියයට පණහ ඉක්මවා ඡන්ද ලබා ගැනීම බවත් කී මන්ත‍්‍රීවරයා ඒ සඳහා එජාපයට එරෙහිව හැදිය හැකි පුළුල්ම සන්ධානය හැදිය යුතු යැයි ද පැවසීය.

මේ අතර සුමන්තිරන් මන්ත‍්‍රීවරයා කර ඇති ප‍්‍රකාශයක් ගැන අදහස් දැක්වූ ගම්මන්පිල මහතා ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ කර ඇතැයි අගමැතිවරයා යාපනයේ දී පිළිගත් බවට සුමන්තිරන් මහතා කර ඇති ප‍්‍රකාශය අගමැතිවරයා විසින් පිළිගන්නේ දැයි විමසා සිටියේය.

අගමැතිවරයා එවැනි ප‍්‍රකාශයක් කලේ නම් ඔහු ආරක්ෂක මණ්ඩල රැස්වීමට සහභාගි නොවිය යුතු යැයි ද එවැනි ප‍්‍රකාශයක් කිරීමට ඇති සාක්ෂි ඉදිරිපත් කළ යුතු යැයි ද ගම්මන්පිල මහතා පැවැසිය.

පළාත් සභාව උතුරු නැගෙනහිර ජනතාවට නැතුවම බැරි නම් පළාත් සභා ජනතාවගේ ප‍්‍රශ්න විසඳනවා නම් දැන් උතුරු සහ නැගෙනහිර පළාත් වල පළාත් සභා ඉල්ලා ජනතාව පාරට බැස උද්ඝෝෂණ කළ යුතු යැයි පැවසූ මන්ත‍්‍රීවරයා ඔවුන්ගෙන් උද්ඝෝෂණයක් තබා හින් කෙඳිරිල්ලක්වත් නැතැයි ද පැවසීය.

මන්ත‍්‍රීවරයා මේ අදහස් පළ කළේ පිවිතුරු හෙළ උරුමය ප‍්‍රධාන කාර්යාලයේ දී අද (18) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

එම මාධ්‍ය හමුවට පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ මහජන නියෝජිත ලේකම් උපුල් කෝණාර මහතා සහ දෙහිවල ගල්කිස්ස නාගරික මන්ත‍්‍රිනී ධර්මා කෝට්ටේගොඩ මහත්මිය ද මෙම අවස්ථාව සදහා සහභාගී වූහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More