දේශීය පුවත්

රටේ සෞඛ්‍ය අමාත්‍යවරයා කිරිපිටි සමාගම් වෙනුවෙන් පෙනී සිටින බැවින් සෞඛ්‍ය අමාත්‍ය ධුරය ජනාධිපතිවරයා යටතට පවරා ගන්නා ලෙස අද (18දා) ඉල්ලා සිටි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා රටේ ජනතාව ගැන සිතා කිරිපිටි සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වය පිළිබඳව රටට හෙළිකළ බවත්, ඒ පිළිබඳව කිසිදු සොයා බැලීමක් නොමැතිව සෞඛ්‍ය අමාත්‍යවරයා කිරිපිටි සමාගම් රැක ගැනීමට ප්‍රකාශ සිදුකරන බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

මීට අමතරව පසුගිය කාලය තුළදී පිළිකා ඖෂධ මිලදී ගැනීමේදී අක්‍රමිකතා සිදුව තිබෙන බවත්, නෙවිල් ප්‍රනාන්දු රෝහල පවරා ගැනීමේදී එය නිවැරදිව සිදු නොකිරීම ඇතුළු චෝදනා ගණනාවක් සෞඛ්‍ය අමාත්‍යවරයාට එල්ල වී තිබෙන බවත් ඒ මහතා අද (18දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More