දේශීය පුවත්

ව්‍යාපාරික මට්ටමින් සිදුකරන කටුපොල් වගාව වහා නතර කරන ලෙස බල කරමින් විරෝධතාවයක් දියත් කර තිබේ.

“විනාශකාරී කටුපොල් වගාවට එරෙහි ජාතික ව්‍යාපාරය සහ සොබාදහම සුරැකීමේ සංවිධානය” විසින් පෙබරවාරි 17 ඉරිදා එම විරෝධතාවය දියත් කර ඇත්තේ ගාල්ල පිටබැද්දර නගරයේදීය.

දකුණු පළාත් සභා හිටපු ක්‍රීඩා අමාත්‍ය වීරසුමන වීරසිංහ මහතා විරෝධතාවය අතරතුරදී කියා සිටියේ මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු ආයතන හතක් මගින් කටුපොල් වගාවට එරෙහිව නිර්දේශ ඉදිරිපත් කර ඇති අතර දිසාපතිවරයා, වැවිලි කර්මාන්ත සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ බලපෑම මත ඉහත නිර්දේශ ක්‍රියාත්මක කිරීම මගහැර ඇති බවයි.

ජනතා විමුක්ති පෙරමුණේ දකුණු පළාත් සභා මන්ත්‍රී නලීන් හේවගේ මහතා එහිදී පෙන්වා දුන්නේ කටුපොල් ශාකය මෙරටට ආවේණික ශාකයක් නොවන අතර එය ව්‍යාපාරික මට්ටමින් වගා කිරීමේදී දැඩි පරිසර හානියක් වන බවයි.

එබැවින් බලධාරීන් වහාම මෙය නතර කිරීමට පියවර ගත යුතු බව ඔහු එහිදී අවධාරණය කළේය.

විනාශකාරී කටුපොල් වගාවට එරෙහිව, ජනවාරි මාසයේදී ද ඇල්පිටිය නගරයේදී විරෝධතාවයක් පවත්වා තිබුනි.

ශ්‍රී ලංකාවේ “කටුපොල්” ලෙසින් හැඳින්වෙන ලොව පුරා ඉහළ ඉල්ලුමක් ඇති “Palm Oil” සඳහා දැවැන්ත විරෝධයක් මේ වන විට උද්ගත වෙමින් පවතින්නේ ඒ හරහා ජෛව විවිධත්වයට හා ජන ජීවිතයට සිදුවන හානිය පිළිබඳ අවධානය යොමු වීම නිසාවෙනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More