දේශීය පුවත්

පුරාවිද්‍යාත්මක, ඓතිහාසික සහ ආගමික වටිනාකම් රැසකින් යුතු මාවනැල්ල දෙවනගල රජමහා විහාරස්ථානයේ නාම පුවරුවේ එජාපයේ අධාරකරුවන් විසින් අරණායක එජාපයේ නව සංවිධායකවරයාගේ රුව සහිත සුභ පැතුම් පොස්ටර් අලවා ඇති අයුරු දැක්වෙන් ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමග ඊට දැඩි විරෝධයක් එල්ලවී තිබෙනවා.

අරණායක ශ‍්‍රීලනිප හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලලිත් දිසානායක මහතා අරණායක එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රධාන සංවිධායකවරයා බවට පත් විමෙන් පසුව ඒ මහතාට සුභ පතා එජාපය විසින් සුභ පැතුම් එක් කරන ලද පොස්ටර් ප‍්‍රදර්ශනය කර ඇත.

පසුගිය කාලයේදි එල්ල වු බොහෝ තාඩන පිඩන මැද මෙම ඓතිහාසික පුද බිම ආරක්ෂා කර ගැනිම වෙනුවෙන් එහි වර්තමාන විහාරාධිකාරි හිමිපාණන් වන මැදිරිගිරියේ පුණ්‍යසාර හිමිපාණන් විශාල වු උත්සාහයක නිරත වි සිටින අතර, එවැනි කාලයක මෙම ඓතිහාසික පුද බිම හදුනාගැනිම වෙනුවෙන් සකස් කර ඇති නාමපුවරුවක් මෙලෙස පොස්ටර් ඇලවිම සම්බන්ධයෙන් විහාරාධිපතියන් ඇතුලූ දායක සභාව එය පිළිකුලෙන් යුතුව හෙළා දකින බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More