දේශීය පුවත්

මෙවර අය _ වැය කාරක සභා අවස්ථාවේ විවාදයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ වැය ශීර්ෂය පරාජයට පත් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ දැඩි අවධානය යොමු වී තිබෙන බව දේශපාලන අංශවලින් වාර්තා වේ.

ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමට මෙම යෝජනාව මීට සති දෙකකට පමණ ඉහතදී මුලින්ම ඉදිරිපත් කර තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසකි.

ඉන් පසුව නියමිත අමාත්‍ය මණ්ඩල රැස්වීමට පෙරදින පවත්වනු ලබන පූර්ව අමාත්‍ය මණ්ඩල රැස්වීම් දෙකේදීම මෙම යෝජනාව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.

මෙම පූර්ව අමාත්‍ය මණ්ඩලය රැස්වෙන්නේ අගමැතිගේ ප්‍රධානත්වයෙනි. ඔක්තෝබර් 26 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා අග්‍රමාත්‍ය ධුරයට පත් කිරීමේ සිද්ධිය ඇතුළු ජනාධිපතිතුමා විසින් එක්සත් ජාතික

පක්ෂයට දිගින් දිගටම සිදුකරන ප්‍රහාරයන්වලට එරෙහිව ජනාධිපතිතුමාට ප්‍රතිචාරයක් දැක්වීම සඳහා මෙම පියවර ගතයුතු බව කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනකුම මෙහිදී පෙන්වා දී තිබෙන බවද වාර්තා වේ.

තවත් අමාත්‍යවරුන් පිරිසක් ප්‍රකාශ කර ඇත්තේ ආණ්ඩුවේ ප්‍රධානියා වන ජනාධිපතිතුමා වත්මන් ආණ්ඩුවටම එරෙහිව විපක්ෂ නායක භූමිකාවටත් එහා ගිය කාර්යයක් සිදුකරන බවයි.

මේ සම්බන්ධයෙන් තවම අවසන් තීරණයක් ගෙන නැතත් ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය පරාජය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් බොහෝදුරට තීරණය කරනු ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තරයෙන් වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More