දේශීය පුවත්

ජිනීවාහි පැවැත්වීමට නියමිත 40 වැනි ජගත් මානව හිමිකම් සමුළුවට ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් පෙත්සම් 12ක් ඉදිරිපත් කර තිබේ.

තිස් වසරක් පුරා පැවැති කුරිරු ත්‍රස්තවාදයෙන් රට මුදා ගත් රණවිරුවන්ට යුද අපරාධ චෝදනා එල්ල කිරීමට එරෙහිව මෙම පෙත්සම් 12 එක්සත් ජාතීන්ගේ සංවිධානයට භාර දුන් බව එම සංසදයේ විධායක කමිටු ලේකම් යසස් ධර්මදාස මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ රණවිරුවන්ට එරෙහිව ජගත් මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කර ඇති 30/1 යුද අපරාධ චෝදනාවලට අදාළ විමර්ශන කටයුතු 2019 මාර්තු මාසයට පෙර අවසන් කළ යුතුව තිබේ.

ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විදේශ ඇමැති තිලක් මාරපන මහතා සමඟ සිදු කළ සාකච්ඡාවකදී රණවිරුවන්ට එරෙහි චෝදනාවලට පිළිතුරු ලබාදී ඔවුන්ගේ නිර්දෝෂීභාවය සනාථ කිරීමට කටයුතු කරන බවට පොරොන්දුවක් ලබා දුන්නත් මේ වනතුරු රජය ඒ සම්බන්ධව කිසිදු පියවරක් ගෙන නැතැයි ධර්මදාස මහතා කියා සිටී.

පසුගිය ජනවාරිහිදී ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටු සභිකයින් විදේශ ඇමති තිලක් මාරපන මහතා හමුවිය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More